තමාට ප්‍රකට බොලිවුඩ් නිළි අයිෂ්වර්යා රායි සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබූ බව කියන ලංකාවේ තරුණයෙකුට අභිෂේක් සමග අයිශ්වර්යා විවාහවීම නිසා සිද්ධවූ අසාධාරණය ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වුණා.
තරමක විසුළු සහගත කාරණාවක් වුවත් ඔහු ඇත්තටම නඩු පවරා තිබුනේ අයිශ්වර්යාට නොව තමන්ගේ එකී ප්‍රශ්නය දඩමීමා කරගෙන තමන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකුට එරෙහිවයි. ඊයේ අධිකරණයේදී සිය දුක්ගැනවිල්ල හෙළි කරමින් ඔහු කියා ඇත්තේ කාලාන්තරයක් තිස්සේ අයිශ්වර්යාගේ චිත්‍රපට එකක් නෑර නරඹමින් ඇගේ ඡායාරූප එකතු කරමින් ලංකාවේ සිට ඉන්දියාවට දුරස්ථ ප්‍රේමයක් පැවැත්වූ තමා ඇයට රහසින් පෙම් කළ බවත් තමන් හා ඇය කෙදින හෝ මුණගැසී විවාහ වේයයි. බලාපොරොත්තුවෙන්ද සිටි බවත්ය.
නමුත් ඇය ඔහුගේ අපේක්ෂා බිඳ දමමින් බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් හා විවාහ වීම නිසා තමා සිත්තැවුලෙන් කල්ගත කරද්දී තමාට බලාපොරොත්තු කඩවීම ගැන උපදෙස් සැපයූ තම බෑනා වන අයෙක් නීති මාර්ගයෙන් සහනයක් ලබා දෙන බව කියූ බවත් ඉන්දියාවට ගොස් ඒ ගැන ක්‍රියා කර ඇයට නඩු පැවරීමට යයි කියමින් තම බෑනා රුපියල් 17 ලක්ෂයක් වංචා කළැයි කොළඹ වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව දෙදෙනා කැඳවා නඩුව විභාග කර ඇත. නිරෝෂණ දේවප්‍රිය නම් මෙම තැනැත්තා වංචා විමර්ශන අංශ පොලිසියට පවසා ඇත්තේ අභිෂේක් සමඟ අයිෂ්වර්යා විවාහ වීම නිසා තමා මානසික අසහනයකට පත් වූ බවයි. එම අවස්ථාවේ පොලිසියට සිනහව නවතා ගන්නට බැරිවුණ බවද වාර්තා වූ නමුත් 17 ලක්ෂයක් වංචා කළ පුද්ගලයා සම්බන්ධව කටයුතු කරන්නට පොලිසිය ඔහුට එකගවී තිඛෙනවා.
තම ඥාතියා රවටා මුදල් ලබාගෙන තිබුනේ පානදුර් රොෂාන් අජිත් නම් අයෙකි. සැකකාර රොෂාන් අජිත් පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කැරිණි.
මාස්පතා කොටස් වශයෙන් රුපියල් දස ලක්ෂයක් මාමාට ගෙවීමේ පොරොන්දුව පිට රොෂාන් අජිත් රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කිරීමෙන් නඩුව අවසන් විය.
Home
»
»Unlabelled
» අයිශ්වර්යා එක්ක අභිෂේක් ගිය නිසා ලංකාවේ තරුණයා නඩු දාලා