මියගිය ප්‍රවීණ විචාරක ටෝනි ග්‍රේග් සහ ලංකාවේ අර්ජුන රණතුංග මින් කලකට ඉහත කියා සිටියේ ඉන්දියාවේ සූදුවක් බවට පත්වූ අයි පී එල් 20-20 තරග ඇති කරවන සංස්කෘතිය මහත්මා ලක්ෂණ තිබුණ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට හේතුවනු ඇති බවයි.
මෙම කතාව ප්‍රකට කරමින් අයිපීඑල් තරගාවලියේ එක් තරගයකදී අසෝබන හැසිරීමක නිරතවීමට ක්‍රීඩකයින් දෙපළක් කටයුතු කරා.
මුම්බායි ඉන්දියන්ස් හා රෝයල් චැලෙන්ජර්ස් දෙපිළ අතර ඊයේ පැවති තරගයේදී මෙම ක්‍රියාවට දායක වූ එක් අයෙකු වූයේ කොදෙව් ක්‍රීඩක කිරන් පොලාර්ඩ්ය. අනෙකා ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්ය.
දෙදෙනාට දෙදෙනා බැණ ගනිමින් කෝපයෙන් හැසිරුණු අවස්ථාවක මිචෙල් වයිඩ් පන්දුවක් යැවූ අවස්ථාවක පොලාර්ඩ් අමනෝඥ ලෙස පිත්ත විසිකර දමාගසමින් ඔහුට විරෝධය පළකර සිටියේ කුඩා දරුවන් රණ්ඩු වන පරිද්දෙනි.
එම අවස්ථාවේ විනිසුරුවන් හා කණ්ඩායම් නායකයින් මැදිහත්වී දෙදෙනාගේ විරසකය සමනය කළ නමුත් මෙම ක්‍රියාව ''අශෝබන ක්‍රීඩා අවස්ථාවක්'' ලෙස පසුව විචාරකයින්ගේ අප්‍රසාදයට ලක්වුණා.
තරග තීරකගේ අවධානය මෙම ක්‍රියාව දෙස යොමුව ඇති බවත් ඉදිරියට මේ දෙදෙනාටම දඬුවමක් හිමිවනු ඇති බවත් වාර්තා වුණා.
මිචෙල් හා පොලාර්ඩ් පිටියේ රණ්ඩු කළ අවස්ථාවේ වීඩියෝ දර්ශනය පහතින්
Home
»
»Unlabelled
» අයි පී එල් ක්‍රිකට් පිටියේ කුණුහරුප සමග මූණට පිත්ත දමා ගැසීම්