අමරදේවට වඩා සනුක දක්ෂයි..
-ළහිරු පෙරේරා
පසුගියදා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නව පරපුරේ ගායන ශිල්පියෙකු වන ළහිරු පෙරේරා කියා සිටියේ දැනට ලංකාවේ සිටින ගායකයින් අතරින් සුපිරිම මට්ටමේ ගායකයා සනුක බවත් ගායිකාව උමාරියා බවත්ය. ඔහු ඊළ`ගට කිව්වේ අතීතයේ කර තිඛෙන දේවල් කෙසේ වෙතත් ගායන හැකියාව පැත්තෙන් බැලුවිට "උමාරියාට නන්දා මාලිනීට වඩා සින්ග් කරන්න පුළුවන් බවත් අමරදේවට වඩා ගොඩාක් හොඳට සනුකට සින්ග් කරන්න පුළුවන්" බවත්ය.
ඔහු පවසන මෙම සනුක නමැති ගායකයා
තවම ලංකාවේ රසිකයින් හරිහැටි අඳුනන්නේ නැති සංගීත් වික්රමසිංහගේ පුතා යනුවෙන්ද ඔහු කියා සිටියා.
‘රම්බරී‘ ‘රතු රටකජු‘ ආදී වේග රිද්මයේ ගීත ගායනා කර ප්රසිද්ධියට පත් ළහිරු පෙරේරා රින්ගින්ග් ටෝන් ආදායම නිසා කෝටිපතියෙකු බවට පත් නවපරපුරේ ගායකයෙකි. ඔහු මව්බිම පුවත්පතට සපයා තිබුණ එම ආන්දෝලනාත්මක අදහස පහත පරිදිය.
ලංකාවේ සුපිරිම ගායකයා ගායිකාව කවුද?
ලංකාවේ ගායකයන්ව මම මනින්නේ නැහැ. ඇත්තටම මැනලා වැඩක් නැහැ. එක එක පැතිවලින් සුපිරි මට්ටමේ අය ඉන්නවා. ගායන හැකියාවෙන්, දැනට ඇත්තටම ඉන්න හොඳම ගායකයා තමයි සනුක වික්රමසිංහ. සංගීත් වික්රමසිංහ අයියගේ පුතා. එයාගේ සින්ගින්ග් වලට
ළං කරන්නටත් ලංකාවේ ගායකයෙක් නෑ. ඉදිරියේදී ඉන්දියාවෙත් නැතිවෙයි. දැනට එයා එයාගෙ මට්ටමට මේ කරන නිර්මාණ ඇත්තටම මට එහෙම හිතෙනවා. තවම ඔයාලා එයාව දන්නේ නෑ. ඉදිරියේදී හමුවෙයි. එයාගේ සින්ගින්ග් ගත්තම ඉතාම ඉහළ තැනක තියෙනවා.ගායිකාව ගත්තම උමාරා, උමාරා, දේවා ශ්රී නටාෂා රත්නායක. එයාලා තමයි ඉහළින්ම ඉන්නේ.
නන්දා මාලිනී කියන්නේ සුපිරි මට්ටමේ ගායිකාවක් නෙවෙයිද?
නෑ නෑ මම කියන්නේ සින්ගින්ග් අතින් ඇත්තටම නන්දා මාලිනී, අමරදේව කියන්නේ එයාලා කරපු දේ අපිට මිල කරන්න බෑ. මම කියන්නේ ගායන හැකියාව පැත්තෙන්. සනුකලා, උමාරා, උමාරයාට මං ගැන වුණත් හිතද්දී, මම මේකේ රැඳිලා ඉන්න එක එයාලට මැජික් එකක්. සින්ගින්ග් පැත්තෙන් ගත්තොත් ඇත්තටම උමාරියාට නන්දා මාලිනීට වඩා සින්ග් කරන්න පුළුවන්. අමරදේවට වඩා ගොඩාක් හොඳට සනුකට සින්ග් කරන්න පුළුවන්. අමරදේව විතරක් නෙවෙයි මම හරිම කැමැති අමරසිරි පීරිස්, අපේ පරම්පරාවේ කසුන් කල්හාර මේ හැමෝටම වඩා හොඳට සනූකට සින්ග් කරන්න පුළුවන්. ඒක ආයේ කතා දෙකක් නැහැ.
සනුක ගයන ගීතයක් පහත වීඩියෝවෙන්
Home
»
»Unlabelled
» නන්දා මාලිනීට උමාරියා තරම් හොඳට සින්ග් කරන්න බෑ..