ෆේස්බුක් ජයාරූප නිසා දිවිනසාගත් සිසුවිය | Gossip lanka news Sinhala News Sinhala Cinema News

සිය Facebook ගිණුමෙහි පලකර තිබු ජයාරූප කිහිපයකට පාසලේ විදුහල්පතිවරයා බැන වැදීම හේතුවෙන් සිත් තැවුලට පත් 15 හැවිරිදි සිසුවියක් දිවි නසාගෙන තිබේ.

මෙසේ දිවි නසාගෙන ඇත්තේ කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසලේ 11 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි පී.බී. වෙනූෂා ඉමන්දි බණ්ඩාර නම් සිසුවියයි.

ෆේස්බුක් මිතුරන් අතර ඇය ජනප්‍රිය මිතුරියක වන අතර ඇය පසුගිය කාලයේ සිය පෙම්වතා සම්බන්ධ ප්‍රේමනීය හැඟුම් ද , ජායාරූප ද, ඒ අතරවාරයේ

පාසලේ නිල ලාංජනය සහිත ජායරූපද සිය ෆේස්බුක් හරහා හුවමරුකොටගෙන තිබුණි.

ඇය විසින් ෆේස්බුක් ගිණුම් දෙකක් පවත්වාගෙන ගොස් තිබු අතර එක් ගිණුමක් යාවත්කාලීන කිරීම 2011 න් පසුව නවතා දමා තිබුණි.

ප්‍රේමනීය හැඟුම් සමග පාසලේ අනන්‍යතාවයද විටින් විට හුවමාරු කරනු දුටු එම පාසලේ ගුරුවරියක් ඒ බව පාසලේ විදුහල්පතිවරයාට දැන්වීමෙන් අනතුරුව ඇය ඉගෙන ගන්නා පන්තියේ පිරිමි ළමුන් ඉදිරියේදීම නොමනා වදන්ද භාවිතා කරමින් විදුහල්පතිවරයා ඇයට බැන වැදී ඇත.

පසුගිය තුන්වනදා මෙලෙස ළමුන් ඉදිරියේ බැන වැදීමෙන් අපහසුතාවයට පත් එම සිසුවිය පසුගිය 04 වන නිවාඩු දින දවසම ගතකොට ඇත්තේ නිවාස තුලට වී ශෝකයෙනි. අවසානයේ ඇය සිය පියා වෙත පිටු තුනක ලියුමක් ලියා පසුගිය පස්වනදා නිවසේ බාල්කයක සාරියක ආදරයෙන් ගෙල වැලලාගෙන දිවිනසාගෙන ඇත.

විදුහල්පතිවරයා විසින් නොමනා වදන්ද ඇතුලත්ව කල බැන වැදීමෙන් සිත් තැවුලට පත් බවත් පාසලේ වෙනත් ළමයෙකුට එවන් ඉරණමක් අත් නොවනු පිණිස දිවි නසාගත් බවත් ඇය විසින් එම ලිපියේ දක්වා ඇත.


 
Top