සන්ධානයෙන් තරග වදින ළාබාලම අපේක්ෂිකාවන් දෙදෙනා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මෙවර පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන ළාබාලම අපේක්ෂිකාවන් දෙදෙනා වන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා මල්ෂා කුමාරතුංගයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මල්ෂා කුමාරතුංගට වඩා මාස 06ක් වයසින් අඩුය. හිරුණිකාගේ උපන්දිනය 1987 ඔක්තෝබර් 14 වන අතර

මල්ෂා කුමාරතුංගගේ උපන් දිනය 1987 අප්‍රේල් 03 වෙනිදාය.

මල්ෂා කුමාරතුංග තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග ඇමැතිවරයාගේ දියණියයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියයි. හිරුණිකා සහ මල්ෂා යන දෙදෙනාම වෘත්තියෙන් නීතිවේදිනියන් වේ.
 
Top