පොලිස් පරික්‍ෂකවරිය මා පැහැරගෙන ගොස් අතවර කලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ජනමාධ්‍යවේදියකු වන ඉන්ද්‍රජිත් සුබසිංහ මහතා පැහැර ගෙන ගොස් අතවර කළේ යැයි කියන කාන්තා පොලිස් පරීක්ෂකවරිය මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ෂිකා විමලසිරි මෙනවිය විසින් මෙමස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළාය.

පසුගියදා ඉන්ද්‍රජිත් මහතා සිය නිවසේ බිරිඳ හා දරුවා සමග සිටිය දී පොලිස් පරීක්ෂකවරිය එහි පැමිණ ඇත.

වයස අවුරුදු හතරක් වයසැති දරුවාට පහර කිහිපයක් ගසා පිස්තෝලයක් එල්ල කර සිය බිරිඳ බිය ගන්වා

පොලිස් පරීක්ෂකවරිය තමන් පැහැර ගෙන ගිය බව ඉන්ද්‍රජිත් මහතා පොලිසියට පවසා ඇත. හෝටලයක දී තමන්ට ඇය විසින් අතවර කළ බව ඉන්ද්‍රජිත් මහතා වැඩිදුරටත් පොලිසියට පැවසීය.

සිද්ධියේ සැකකාරිය මෙතෙක් දිනක් පොලිසියට කට්ටි පනිමින් සිට ඇත.

බ්‍රහස්පතින්දා (06) දහවල් නීතිඥවරයකුද සමග පැමිණ කඩවත පොලිසියට භාර වී තිබේ. අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගත් පොලිසිය ඇය මහර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත පමුණුවනු ලැබීය.

පෑලියගොඩ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරියක වන තිම්පු නෙල්කා ශිරෝමාලා නැමැති මෙම සැකකාරිය පෙබරවාරි 19 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණ.
 
Top