ඉන්දියාවේ නිපදවන මෝටර් රථ මිලදී ගන්නේ බලාගෙනයි ! | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ඉන්දියාව විසින් ලොවටම බෙදාහරින කුඩා මෝටර් රථ වන ඇල්ටෝ 800, ටාටා නැනෝ, ෆෝඩ් ෆිගෝ, හයිහුන්ඩායි අයි 10 හා වෝක්ස්වැගන් පෝලෝ ලෝක රථ වාහන අනතුරු පරීක්ෂණයෙන් අසමත්ව ඇතැයි වාර්තා වේ.

එම මෝටර් රථ තුල ගමන් කරන රියදුරුවරයා ඇතුළු මගීන්ට හදිසි අනතුරකදී ඇතිවන ජීවිත අවධානම ඉතා ඉහල බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මෙම පරික්ෂාව සිදු කොට ඇත්තේ ජගත් නව මෝටර් රථ තත්ත්ව පරික්ෂා වැඩසටහන (Global NCAP- Car Assessment Programme)විසින් ජර්මනියේ දීය.

මෙම මෝටර් රථ 56 kmph සිට 64 kmph වේගයකින් ධාවනයකොට

අනතුරට ලක්කිරීමෙන් අනතුරුව මෝටර් රථයට සිදුවන දේ පිළිබඳව එහිදී පරීක්ෂණ සිදුකොට තිබුණි.

මෝටර් රථයේ හැඩය හා බොහෝ මෝටර් රථවල එයාර් බෑග් පහසුකම නොමැති හෙයින් අනතුරුදායක බව වැඩි බව එම සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වාදී ඇත.

ලංකාවේ ජනප්‍රිය ඉන්දියාවේ නිෂ්පාදිත වාහන වලට එම ආයතනය ලකුණු ලබා තිබුනේ මෙලෙසිනි.

ටාටා නැනෝ : ආරක්‍ෂිත භාවයට ලබාගත් තරු සංඛ්‍යාව : 0 



මරුටි සුසුකි ඇල්ටෝ : ඉදිරිපස ගමන් කරන වැඩිහිටියන් හට ආරක්ෂාව :0
පිටුපස කුඩා ළමුන්ට ඇති ආසනය සවිකිරීමෙන් අනතුරුව කුඩා ළමුන්ගේ ආරක්ෂාව : 800 (ආරක්‍ෂිත නියමයන්ට අනුව ප්‍රමාණවත් නැත)



 
Top