අනර්කලීට එරෙහිව මාතරට නදීෂා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මෙවර දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රීක්කයෙන් තරග කිරීමට සිටි නදීෂා හේමමාලි, මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇත.

අනර්කලී ආකර්ෂාද මෙයට පෙර ගාල්ලෙන් ජන්දය ඉල්ලන බව කීවද පසුව මාතර දිස්ත්‍රික්කයෙන් ජන්දය සඳහා ඉදිරිපත්වීම හේතුවෙන් අනර්කලීට තරඟයක් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ උපදෙස් මත නදීෂා මාතරින් ඉදිරිපත් කොට ඇත.
අනර්කලී ආකර්ෂා දේශපාලනයට හඳුන්වා දුන්

මංගල සමරවීර මෙවර නදීෂා මෙහෙයවනු ලබයි. නදීෂා ගේ මාතර ආගමනය පිලිබඳ අනර්කලී පවසන්නේ මෙවැන්නකි.

"කව්රුවත් මට අභියෝගයක් නෙවෙයි. මගේ එකම අභියෝගය මමම විතරයි. ඒක තමා කුඩා කලේ ඉඳන් මගේ policy එක උනේ..මම කව්රුවත් අනුගමනය කරන්නේ නැහැ. අලුතෙන් එන අය තමා මාව අනුගමනය කරන්නේ..

නමුත් හැමෝම දන්නවා අනර්කලී කියන්නේ කව්ද කියලා...මම කතා කරන විදිය මගේ අනන්‍යතාවය..මම හැමතිස්සෙම වෙනසක් කරන්න උත්සාහ කරන්නේ..ඒ හැමදෙයටම කලින් මම මගේ කාර්ය භාරය හරියට ඉටුකළ යුතුයි."
 
Top