පොලිස් නිලධාරීන් මාරුකලේ 'හුලා' නොවේ මමයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

සලාකා සුදු පොළ වැටලු පොලිස් නිලධාරීන් මාරු කලේ ලක්ෂමන් හුළුගල්ලේ මහතා නොව, තමා විසින් බව පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පවසයි.

මෙම මාරු වීම් කළේ තමා බව පොලිස්පතිවරයා ලෙස වගකීමෙන් ප‍්‍රකාශ කරන බවත්, එය සුදුපොල වැටලීම නිසා සිදු කෙරුණු දෙයක් නොවන බවත් පවසන පොලිස්පතිවරයා, ඒ සම්බන්ධයෙන් තමාට පහර දුන්නද, පොලිස් දෙපාර්තමේන්තුවට පහර නොදෙන ලෙස මාධ්‍යයෙන් ඉල්ලීමක් කර සිටියි.

'' එවැනි පහරදීම්වලින් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අඩපණ වුණොත්

හිස ඔසවන්නේ අපරාධකරුවන් කියන එකත් අප මතක තබාගත යුතු දෙයක්.'' යයි ද පොලිස්පතිවරයා, 'දිවයින' පුවත්පතට මෙසේ පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියි.

''අද ජනතාව අතර මතයක් තිබෙනවා සූදු පළක් වැටලීම නිසා කිසියම් අයකු මට කළ බලපෑම් මත පොලිසියේ සංවිධානාත්මක අපරාධ ඒකකය මාරු කළා කියලා.මම දැඩි වගකීමෙන් යුතුව කියනවා. කිසිවෙකුගේ හෝ බලපෑම් නිසා නොවෙයි සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් විසිතුන් දෙනා මාරු කළේ කියලා. ඒක කළේ මමයි.

මේ මාරු කිරීම්වල සත්‍ය කතාව මේකයි. පොලිසියේ තිබෙන පරිපාලන ව්‍යුහය අනුව යම් කොට්ඨාශයක් පාලනය කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති අයි.එම් කරුණාරත්න මහතා (අපරාධ) තමයි ඔය කියන සංවිධානාත්මක අපරාධ ඒකකය අධීක්ෂණය කිරීම භාරව සිටියේ.

ඔහු පසුගිය ඔක්තෝම්බර් 24 වැනිදා මට වාර්තාවක් යොමු කළා සංවිධානාත්මක අපරාධ ඒකකයේ අධ්‍යක්ෂ සමග නිලධාරීන් 28 දෙනෙක් ඉන්නවා ඒත් එය දැන් කාර්යක්ෂම නැහැ. එනිසා එය ප‍්‍රතිව්‍යුහගත කළ යුතුයි කියලා. මෙම තත්ත්වය නිසා නිලධාරීන් 23 දෙනෙක් මාරු කරලා අලූතින් නිලධාරීන් පත් කරලා නැවත එම අංශය කාර්යක්ෂම කළ යුතුයි කියලත් ඔහු යෝජනා කර තිබුණා

මේ වාර්තාව මගේ කාර්යාලයට ලැබුණේ ඔක්තෝබර් 25 වැනිදා. එමගින් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලීමක් කර තිබුණා අලූතින් නම් කර ලද නිලධාරීන් අට දෙනෙකු එම ඒකකයට ලබා දෙන ලෙසත්.

ඒ අනුව මම මගේම අත්අකුරින්ම මේ නිලධාරීන් මාරු කරන්න කටයුතු කරමින් ඒ පිළිබද මා හමුවී සාකච්ඡුා කරන්න කියලා සටහනක් යොදා ඒ වාර්තාව පසුගිය ඔක්තෝබර් 27 වැනිදා නියෝජ්‍ය පොලිස්පති පිරිස් පාලන වෙත යොමු කළා.

මේ අනුව ඔහු මා හමුවී සාකච්ඡුා කර පසුගිය නොවැම්බර් 06 වැනිදා ඒ නිලධාරීන් 23 දෙනා මාරු කර හැරියා. නමුත් එහි ස්ථානාධිපතිගේ මාරුව අවලංගු කළා. එහෙත් මේ වනවිට අප කවුරුත් දැනගෙන හිටියේ නැහැ මාරු කිරීම් සිදුවීමට දෙදිනකට පෙර සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් සූදු පිටියක් වැටලූ බව.

පොලිස් මූලස්ථානයේ පමණක් මේ වගේ කොට්ඨාස 52ක් තිබෙනවා. මේ හැම කොටසකම සිදු වන දේවල් නියෝජ්‍ය පොලිස්පති (පිරිස්පාලන) ඉන්නේ මූලස්ථානයේ දෙවැනි තට්ටුවේ.

මේ මාරුවීම් ලබා ගිය නිලධාරීන් විසිතුන් දෙනා අතරිනුත් 15 දෙනෙකු පමණයි එදා ඔය වැටලීමට සහභාගී වී තිබෙන්නේ. ඒත් ඔය වැටලීමට ගිය නැති නිලධාරීන් අට දෙනෙකුටත් ස්ථාන මාරු වීම් ලැබුණා. ඉතින් වැටලීම නිසා මේක සිදු වුණා නම් ඒ අට දෙනා අපි මාරු කරන්නේ මොකටද?

මේ සිද්ධියෙන් පස්සේ නෙත්තිකුමාර මහත්මයාගේ නිවසට පැය විසිහතරක ආරක්ෂාවක් දෙන්න මම කටයුතු කළා.කිසියම් අයකුගේ බලපෑමක් මට තිබෙනවා නම් එහෙම කරන්න පුළුවන්ද?''

නැවතත් මෙම සුදු පොළ පවත්වා ගෙන යාමට කිසිම විදිහකින් පොලිසිය ඉඩ දෙන්නේ නැතැයි යයි ද පොලිස්පතිවරයා අවධාරණය කර සිටියි.
 
Top