අක්කා කැවූ තෝසේ කෑල්ලක් සිරවී මාස 4 බිළිඳා මරුට | Gossip lanka news Sinhala News Sinhala Cinema News

සිව් මසක් පමණ වයසැති බිළිදෙකුට අවුරුදු 7ක්වූ වැඩිමල් සොයුරිය නොදැනුවත්කමින් තෝසේ කවන්නට ගොස් මියයාමේ අවාසනාවන්ත පුවතක් ගම්පහ මොරගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
රොනන් ජෝජ් ජෝෂප් නමැති මාස 4ක් වයසැති මේ සිඟිති දරුවා සිද්ධියවූ දිනයේ සාලයේ තොටිල්ලේ සිටියදී මව කුස්සියට ගොස් තිඛෙන අතර

දරුවාට වැඩිමල් වයස 7 ක්වූ අක්කා උදෑසන ආහාරයට ලබාදුන් තෝසේ එකකින් කැබැල්ලක් කඩා සාලයේ සිටි කුඩා දරුවාගේ කටේ ඔබා තිඛෙනවා.
මේ කිසිවක් නොදත් මව නැවත සාලයට එනවිට දරුවා අපහසුවෙන් ද`ගලද්දී කටේ කිසිවක් ඇති බව වැටහී බලද්දී දියණිය පවසා ඇත්තේ මල්ලිට බඩගිනි ඇති කියල හිතල මං එයාට තෝසේ කැව්වා..ලෙසිනි.

වහාම දරුවාගේ කටේ තිබුණ තෝසේ කැබලි ඉවත් කරන්නට නිවසේ අය උත්සාහ කළත් ඇතැම් කැබලි ඒ වනවිටත් උගුර ඇතුළට කිඳාබැස සිරවී තිබීම නිසා දරුවා අපහසුවෙන් ද`ගලා කෑගසමින් සිට තිඛෙනවා. දරුවා පාදවලින් ඔසවා පිටට තට්ටු කළත් පලක් නොවූ බවත් අවසානයේ හුස්ම ගන්නට අපහසුවෙන් දැ`ගලු බවත් මව පැවසුවා.

වහාම ගම්පහ රෝහලට ඇතුළත් කරන්නට පියවර ගත්තත් තෝසේ කැබලි පිටඋගුරේ යාම නිසා අවාසනාවන්ත ලෙස දරුවා මියගිය බව වෛද්‍යවරු ප්‍රකාශ කළා.
 
Top