කුඩු කතාව ගැන අගමැති සත්‍ය වසන් කරයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

කුඩු කන්ටේනර් මෙරටට ගෙන්වීම සඳහා අමාත්‍යංශ ලේකම්වරයාට උල්පන්දන් දීමට අගමැතිට හැකි වුවද ඔහුගේ නම හෙළිකිරීමට හෝ 'හූලා' යනු කව්රුන්ද කියාවත් කීමට අගමැති දැන් නොදන්නා බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසනවා.

මෙය පුදුමාකාර ආණ්ඩුවක් බවත් මේ ආණ්ඩුව පාණ්ඩුව සැදී හොන්දුමාන්දු වී ඇති බවත් අගමැතිගේ ක්‍රියාකලාපය ආරක්ෂක ලේකම් පවා දන්නා බවත් ඒ හිමියෝ අද කිරුළපන බෝධි මන්දිරයේ පැවතී සාකච්චාවකදී ප්‍රකාශ කර සිටියා.

අගමැතිවරයාව වහාම අත්අඩංගුවට ගත යුතු අතරම අගමැති ධුරයට වගකීමට හැකි පුද්ගලයෙකු අවශ්‍ය බව පැවසු ඒ හිමියෝ විධායකයේ මූලිකයා රටට කුඩු ගෙන්නන්නේ නම් එතනින් එහාට කතාවක් නොමැති බව සඳහන් කළා.

මෙය අනේ අපොයි කියා දෙවියන්ට පැවසීම මිස වෙනත් කිසිවක් නොමැති අතර තව ටික දිනකින් මෙය ලංකාවේ තවත් එක් සිද්ධියක් පමණක් ලෙස හදුන්වනු නොඅනුමාන බවද ඒ හිමියෝ අවධාරණය කර සිටියා.
 
Top