සා.පෙළ සිසුවියක මුහුණ දුන් ඛේදවාචකය | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ඊයේ ආරම්භ වු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටි පාසල් සිසුවියකගේ නොච්චියාගම, මේරිමවුන්ට් ප‍්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ අලූයම 2.30ට පමණ කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.

එහිදී කාමර දෙකකට ගිනි ඇවිලී ඇති අතර, සිසුවියගේ සාමාන්‍ය පෙළ විභාගයට ඇතුළත් වීමේ අවසර පත‍්‍ර හා පාසල් නිල ඇඳුම් ද පොත් පත් ද පිළිස්සී තිබිණ.

භූමිතෙල් දමා ගිනිතැබීම සිදුකර ඇති අතර, මවගේ බාල සොයුරා නිවසට ගිනිගත් බව දැකීමෙන් පසු ගින්න නිවීමට කටයුතු කර තිබේ.

මෙසේ ඇබැද්දියකට මුහුණ දුන්නේ තඹුත්තේගම මැදි විදුහලේ ජයමාලි නිස්සංක (17) නමැති දැරියයි.

ඇය විභාගයට ගියේ විදුහල්පති ඇගේ ඡායාරූපයක් සහතික කර දීමෙන් පසුවය.

නිල ඇඳුම පිළිස්සී තිබූ නිසා ඇය විශේෂ අවසරයක් මත පාට ඇඳුමින් විභාගයට පෙනී සිටීමට හැකියාව ලැබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැත. මෙම ගිනිතැබීමට අසල්වැසි කාන්තාව සැක බවට සිසුවියගේ මාපියන් පොලිසියට පැමිණිලි කර ඇත. 




ඡායාරූප ලංකාදීප
 
Top