නදිනි ප්‍රේමදාස මව් පදවිය අභියස | Gossip lanka news Sinhala News Sinhala Cinema News

දරුවකු තරම් වටිනා සම්පතක් මේ ලෝකේ තවත් නැහැලුනේ. ඒත් සිඟිති මුවක සුරතල් දකින වරම, වාසනාව උරුම නැහැ හැමෝටම. ඒකටත් පෙර කළ පින් තියෙන්නම ඕනෑ.

අපේ ගායන ලොවේ සොඳුරු රුවැත්තියකට ඔන්න දැන් ඒ පින පල දෙන්න යනවලු. කවුද ඒ වාසනාවන්තිය? ඇය නදිනි ප්‍රේමදාස. මීට තෙවසරකට පමණ පෙරාතුව යුග දිවියට පා තැබූ නදිනි දැන් ඉන්නේ ඒ උතුම් මවු පදවිය අබියස.
මේ ගැන නදිනි පුවත් පතකට පවසා තිබුණේ මෙලෙසිනි.


ඇත්තද නදිනි මේ . . .?
මොකක්ද . . .?

අම්මා කෙනෙක් වෙන්න යනවයි කියන්නේ . . .
ආ . . . ඔව් . . . ඔව් . . .

නදිනි අපට පිළිතුරු දුන්නේ හරිම සතුටෙන් වගේම හැඟීම්බරව.

කවදා වගේ ද?
ලබන අවුරුද්දේ පෙබරවාරි මාසේ තමයි දරු ප්‍රසූතියට දින දීලා තියෙන්නේ. ඒ සුන්දර දවස උදා වෙනකල් මම බලාගෙන ඉන්නවා. හිතට පුංචි බයක් නැතුවමත් නෙවෙයි. ඒත් ඒ බිය චකිතය මැඬගෙන හිතට නැඟෙන්නේ පුංචි පැටියගේ මූණ දකින්න තියෙන ආසාව.

පුතකුට ද . . . දුවකුට ද නදිනි වැඩියෙන්ම කැමැති?
අනේ එහෙම විශේෂයක් නෑ. කවුරු ලැබුණත් බාර ගන්න එපායැ.. ඒ හින්දා දුවෙක් වුණත්, පුතෙක් වුණත් අපි එයාව ආදරයෙන් පිළිගන්නවා.
උතුම් මවු පදවියට සුබ සිහින දකිමින් ඉන්නා නදිනිගේ පැතුම් ඒ අයුරින්ම ඉටු වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.
 
Top