පවුල් සැලසුම් එන්නත වැරදී එක්දරු මව නසී | Gossip lanka news Sinhala News Sinhala Cinema News

කල්පිටිය රෝහලේ වෛද්‍ය නිලධාරිවරයෙකුගෙන් සඳුදා (23) සවස පෞද්ගලිකව පවුල් සැලසුම් එන්නතක් විද ගත් එක්දරු මවක් අසාධ්‍ය තත්ත්වයෙන් පුත්තලම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජනතාව අතර ඇති වී ඇතැයි කියන කැළඹිලි සහගත තත්ත්වයක් හේතුවෙන් එම වෛද්‍යවරයා සිටින නිල නිවාසයට හා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදීමට කල්පිටිය පොලීසිය පියවර ගෙන තිබෙනවා.

මිය ගොස් ඇති එක් දරු මව තම පළමු දරු ප්‍රසූතියෙන් දින 40 කට පසු පවුල් සැලසුම් එන්නතක් විද ගැනීම සඳහා

දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් ඇත.එහිදි වෛද්‍යවරයා මෙම කාන්තාවට පවුල් සැලසුම් එන්නතක් විද ඇති අතර ඊට සුළු මොහොතකට පසු එම කාන්තාව සිහිසුන් වී ඇද වැටී ඇත.පසුව වෛද්‍යවරයා එම කාන්තාව තම වාහනයේ නංවා කල්පිටිය රෝහලට රැගෙන ගොස් ඇති අතර පසුව ගිලන් රථයකින් පුත්තලම මූලික රෝහලට එවා ඇත.කාන්තාව පුත්තලම මූලික රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිට ඇත.

සිද්ධීයෙන් මිය ගොස් ඇත්තේ කල්පිටිය නගරයේ පදිංචි මේරි නිරෝමා නැමැති 24 හැවිරිදි එක්දරු මවකි.මෙම සිද්ධියෙන් පසු මහජනතාව අතර ඇති වී ඇති කැළඹිලි සහගත තත්ත්වයක් හේතුවෙන් වෛද්‍යවරයගේ නිල නිවසට හා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
Top