‘හුලා’ මා මරන්න හදනවා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමා නීත්‍යානුකූල ලෙස ව්‍යාපාර කරන රටේ පිළිගත් සාධාරණ ව්‍යාපාරිකයෙකු මිස කැසිනොකරුවෙකු නොවන බවත් ‘හුලා’ නමැත්තකු තම චරිතය ඝාතනය කරන බවත් සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාර අධිපති ගාමිණි නෙත්තිකුමාර මහතා කොළඹදී මාධ්‍ය අමතමින් පැවසීය.

කොළඹ කිංස්බරි හෝටලයේ දී මාධ්‍ය අමතමින් ගාමිණි නෙත්තිකුමාර මහතා මෙසේද කීය.

‘කිසියම් පිරිසක් මා විසින් ඇමතිවරුන් 12 දෙනෙකුගේ බිරින්දෑවරුන්ට මුදල් පොලියට දුන් බවටත්

ඒ මුදල් නැවත නොදීමෙන් අපමසුතාවන්ට පත්ව සිටින බවටත් මා විසින් ප‍්‍රකාශ කරන ලදැයි ප‍්‍රචාරයක් ගෙන යමින් සිටිනවා. මෙය පට්ටපල් බොරුවක්. මෙවැනි දෙයක් කිසිම තැනකදී ප‍්‍රකාශකර නැතැයි මා වගකීමෙන් ප‍්‍රකාශ කරනවා. ඇමති බිරින්දෑවරුන්ට පමණක් නොව වෙන කිසිකෙුටත් මා එක සත පහක් වත් පොලියට දි ඇති පුද්ගලයෙක් නෙවෙයි. රජය හා ජනාධිපතිවරයා අපහසුතාවයට පත්කිරීම මෙම පහත් වැඩ පිළිවෙළේ අරමුණ බව මා ප‍්‍රකාශ කරනවා.

සලාකා ගොඩනැගිල්ලේ කොටසක නීත්‍යානුකූල නොවන ව්‍යාපාරයක් කලක සිට පවත්වාගෙන ගියා. ඊට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. එය කරගෙන ගියේ වෙනත් අයෙක්. ඒ ප‍්‍රශ්ණය අධිකරණය විසදාවි.

බූරු පිටිය යොදාගෙන සමහරුන් මටත් මඩ ගැහුවා. ‘හුලා’ යනුවෙන් හඳුන්වන පුද්ගලයකු මගේ පෞද්ගලික ජීවතයට ද බලපෑම් එල්ල කළා. මා මේ ගැන මාධ්‍යයට කීම නිසා කෝපයට පත් වුණු ‘හුලා’ නැමැත්තා මගේ ජීවිතයට දිගින් දිගටම මරණීය තර්ජන සිදු කළා. මා මේ ගැන කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කළත් හුලාගේ බලපෑම නිසා ඒ පරීක්‍ෂණ කටයුතු හරියාකාරව සිදු වුණේ නැහැ.

මරණීය තර්ජන මට දිගින් දිගටම ආවා. හුලාගේ බලය අඩු වූ පසු ඒ තර්ජන දැන් තරමක් අඩු වී තිබෙනවා.

මගේ චරිතය ඝාතනය කිරීම ගැන ඉදිරියේදී මා නීත්‍යානුකූල ක‍්‍රියා මාර්ග ගන්නවා. මා මේ තර්ජන ගැන ජනාධිපතිතුමාට ද දැනුම් දුන්නා’
 
Top