නදීශා එන එක හොඳයි: ආපු පක්ෂය තමයි වැරදි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

එ. ජා. ප.යේ දැනට ඉන්න හාල්පාරුවන්ට වඩා නදීෂා හේමමාලි නිළිය මැතිවරණයට තරග කිරීම හොඳ නමුත් ඇය තරග කිරීම සඳහා තෝරාගෙන ඇති පක්ෂය ගැන නම් තමන් අනුමත නොකරන බැව් බෙන්තර - ඇල්පිටිය ආසනයේ ශ්‍රී ල.නි.ප.යේ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

ටෙලි නාට්‍ය නිළි නදීෂා හේමමාලි මෙනවිය මෙවර දකුණු පළාත් සභා මැතිවරණය සඳහා එ.ජා.ප.යෙන් තරග කිරීම සම්බන්ධව අප කළ විමසුමකදී ඇය මේ බව සඳහන් කළාය.
ගීතා කුමාරසිංහ මහත්මිය මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවාය.

නදීෂා හේමමාලි මගේ සහෝදර නිළියක්. ඇයට මා සුබපතනවා. නමුත් ඇය මැතිවරණයට තරග කිරීමට තෝරාගෙන ඇත්තේ වැරැදි පක්ෂයක්. මා මේ මැතිවරණයට තරග කරන්නේ බෙන්තර - ඇල්පිටිය ආසනයේ ශ්‍රී ල.නි.ප. සංවිධායකවරිය වශයෙන් දකුණු පළාතේ ප්‍රධාන ඇමැති ධුරය සඳහායි.
මා මගේ මැතිවරණ ව්‍යාපාරය දියත් කරන්නේද දකුණු පළාතේ ප්‍රධාන ඇමැති ධුරය ඉලක්ක කරගෙනයි. දකුණේ ජනතාව මට ආදරෙයි. ඉදිරියේ පැවැත්වෙන දකුණු පළාත් සභා මැතිවරණයේදී මට ඉහළ ජයග්‍රහණයක් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ලබාදෙන බවට මා තුළ දැඩි විශ්වාසයක් තියෙනවා යැයිද ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
 
Top