සිංහල ජාතික ගීය උතුරට එපා.. දෙමලෙන් බැරිනම් ජාතික ගීය එපා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

උතුර සහ නැගෙනහිර පළාත්වලට දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීමට අවස්තාව දිය නොහැකි නම් එම පළාත්වලට ජාතික ගීයක්‌ අනවශ්‍ය යයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.

දෙමල සන්ධාන මන්ත‍්‍රී පී. අරියනේත්‍රන් ශ්‍රී ලංකාව හින්දු රටක්‌ බැවින් හින්දු ජනයාගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කළ යුතු බවයි.

දෙමල සන්ධාන මන්ත‍්‍රී එස්‌. යෝගේෂ්වරන් මහතා අදහස් දක්වමින් මෙසේ කීය.


‘ශ්‍රී ලංකාව හින්දු රටක්‌. රාවණා රට පාලනය කළා. ඔහු හින්දු රජෙක්‌. එනිසා හින්දුන්ගේ අයිතිවාසිකම් රැකිය යුතුයි. මහා වංශය තහවුරු කරනවා මේක හින්දු රටක්‌ කියලා. රාවණා ශිව භක්‌තිකයෙක්‌. විජයත් දමිළ රජෙක්‌. දේවානම්පියතිස්‌ස රජුත් පසු කාලයේ හින්දු ආගම වැළඳ ගත්තා. දරුවන්ටත් හින්දු නම් තැබුවා. පණ්‌ඩුකාභය ශිව වන්දනා කළා’

ඒ අවස්ථවේ පාර්ලිමේන්තුවේ සිටි ඇමති මර්වින් සිල්වා මහතා ඊට මෙසේ පිළිතරු දුන්නේය.

‘මහා රාවණා යනු ශ්‍රී ලංකාවේ සිටි සිංහල මහා විරුවෙක්‌. සිංහල රජවරු ඉන්දියාවෙන් කාන්තාවන් ගෙන්වා කසාද බැන්දා. ඒ කාන්තාවන්ට වඳින්න පුදන්න කෝවිල් හැදුවාට මේක හින්දු රටක්‌ නොවේ. කතරගම දෙවියෝ උපන්නේ ශාක්‍ය වංශයේ. වැරදි අර්ථකථන දෙන්න එපා’
 
Top