මිතුරකුගේ අපල දුරු කිරීමේ කටයුත්තකට සුදු කැස්‌බෑවා ලක්‍ෂ 60 - 70 කට ඉල්ලුවා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තම මිතුරකුගේ අපල දුරුකර ගැනීම සඳහා වන කටයුත්තකට යොදාගැනීමට කොස්‌ගොඩ පර්යේෂණ මධ්‍යස්‌ථානයේ සිටියදී අතුරුදන් වූ සුදු කැස්‌බෑවා රුපියල් ලක්‍ෂ 60 කට හෝ 70 කට ලබාදෙන ලෙස ඉල්ලූ බව ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා පවසා තිබෙනවා.

සුදු කැස්‌බෑවා අතුරුදන් වීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවට පිළිතුරු දෙමින් අමල් පෙරේරා පවසා ඇත්තේ.


ඔය කැස්‌බෑවා මුදලට ඉල්ලූ පලියට හොරකමට සම්බන්ධ යෑයි කියලා කවුරු හෝ මට චෝදනාවක්‌ නැගුවේ නම් ඒක විශාල අසාධාරණයක්‌. මිල ගණන් ඇසූ පලියට හොරකමක්‌ කළා කියලා කාටවත් අහන්නත් බැහැ.

මීට මාස කීපයකට උඩදී මගේ මිත්‍රයා මට කිව්වා එයාට අපල තියෙනවා. පුළුවන් නම් කැස්‌බෑවෙක්‌ සොයලා දෙන්න කියලා. ඒ අනුව මෙම කැස්‌බෑවා රුපියල් ලක්‍ෂ 60-70 කට ගැනීමට අපි ඇසුවා.

අයිතිකාරයා කියන තරමට ඔය කැස්‌බෑව එච්චර වටින්නේ නැහැ. මොනවා වුණත් මේ කැස්‌බෑවා මිලට ගැනීමේ අදහස එදා අත්ඇරියා.

ඔය කැස්‌බෑවා සොරකම් කිරීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍යවලින් මා දැනගත්තා. එක්‌තරා තරුණ ගායකයෙක්‌ කැස්‌බෑවා මිලට ගැනීමට උත්සාහ ගත්තා කියලා.

ඒත් මගේ නම කිසිම තැනක ලියවිලා නැහැ. කියවිලත් නැහැ. එම නිසා කරුණාකර මගේ නම පළ කරන්න එපා... එය මට කරන සේවයක්‌ ද සහයෝගයක්‌...
 
Top