මගෙ සෙක්සි පෙනුමට මම කැමතියි - සේමිණි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

සේමිණී ඉද්දමල්ගොඩ තරුණ පරපුරේ රංගන ශිල්පි‚යන් අතර ජනප‍්‍රිය මෙන්ම කුසලතා පිරිපුන් රංගන ශිල්පි‚යක් ද වේ. ඇය සිනමාව මෙන්ම රුපවාහිනිය සහ වේදිකාවේද සම්මානයට පාත‍්‍ර වූ රංගන ශිල්පි‚යකි.සේමිණී සමග කතාබහට එක්වන්නේ සුවිශේෂී හේතුවක් මුල් කරගනිමිනි.මේ ඇය හා කළ සංවාදයයි.

සේමි
ණී ජීවිතය කොහොමද?
ජීවිතේ බොහොම සැහැල්ලුයි සුන්දරයි සරලයි. රංගන ශිල්පි‚යක්,

ගැහැනියක් හැටියට ඇත්තටම ජීවිතේ සුන්දරයිද? සැහැල්ලුද?
මට ලැබිලා තියෙන ජීවිතේ ගැන මම සතුටු වෙනවා. බිරිඳක්, මවක් ලෙස පවුල කියන ව්‍යුහය තුළ මට වගකීමක් තිඛෙනවා. මම වෙනුවෙන් පිරිසක් ඉන්නවා . ඒ පිරිස හා බැඳුණු වගකීම් ප‍්‍රමාණක් තිඛෙනවා. තරුණ කාලෙ වගේ

සැහැල්ලුවෙන් ම ජීවත්වෙන්න බැහැ මා කියූ වගකීම් සහ බැඳීම් නිසා . නමුත් මේ සියළු වගකීම් මැද මම සැහැල්ලුවෙන්, සතුටින් ඉන්නවා .මහ විශාල බරක් හිස මත තබාගෙන නැහැ.

‘‘පවුල“ නැමති වචනය තුළ තිඛෙන ප‍්‍රායෝගික ක‍්‍රියාවලිය ඔයාට දැනෙන්නෙ කොහොමද?

මට දැනෙන දේ තමා පවුල කියන දේ මගේ ජීවිතේට අත්‍යාවශ්‍ය කාරණයක්. මට ඒකෙන් පිට හිතන්න බැහැ. හැම තීරණයකදීම,සිතුවිල්ලකදීම මගේ පවුල කියන කුටුම්භය පිළිබඳ මම සීරියස්. මම ඒ පවුලට වගකියන්න ඕනෙ.මම වග කියනවා.

ඔබට දැනෙන මේ පවුල ඇතුළෙ කව්ද ඉන්නෙ?
අම්මා, තාත්තා, ස්වාමියා, දරුවා, සහෝදරයො මේ මගේ පවුල. ඔබ විවාහ වන්නේ තරුණ වයසෙදී.

විවාහයේ වගකීම් පිළිබඳ අවබෝධයක් තිබුනද?
ඇත්තටම නැහැ. දම්මික මුණගැහෙන්නේ මට හුගක් අඩු වයසෙදී. විවාහ වන්නේ අවුරුදු 21දි.මේ කිසි විටෙක මට වගකීම් දැනී තිබුනෙ නැහැ.මම පාසල් ගියේ කොළඹ මියුසියස් විද්‍යාලයට . මම හොස්ටල් එකේ නතර වෙලා හිටියෙ. විවාහ වෙනකම් මට සහෝදරයෙක්වත් හිටියෙ නැහැ. ඉතින් පාසල් කාලෙන් පස්සෙ මම දම්මික එක්ක විවාහ වනවිටත් මට දැනුනෙ නැහැ මට මේ මනුස්සයා එක්ක හැමදාම ඉන්න වෙනවා කියලවත්.

එහෙම නොදැනුනේ ඔයා පොඩි නිසාද?
මට අවබෝධයක් තිබුනෙ නැහැ. කලුතර ගෙදර ආවහම අම්මට හොරෙන් බයිසිකලේ නැගලා රවුම් ගහනවා . නිදහසේ . ඒක හරිම සැහැල්ලු, සුන්දර කාලයක්. බරක් පතලක් නැහැ. අම්මා ගෙදර එනකොට බයිසිකලේ රෝද හෝදලා ටවල් එකෙන් පිහදාලා තියෙනවා. එහෙම රවුම් ගැහුවට ඒ නිදහස අයුතු විදිහට පාවිච්චි කරලා නැහැ. හොස්ටල් ජීවිතෙන් එළියට ආවහම විඳින්න ඕනෙ කියලා හිතුන නිදහස තමා අත්වින්දෙ .අම්මා කාරනා දහයක් කරන්න එපා කිව්වොත් ඒකෙන් අඩුම ගානෙ පහක්වත් කරන්න ඕනෙ කියන දඩම්බර කම තමා තිබුනෙ.දැන් කාලෙ ළමයි නිදහස බුක්ති විඳින විදිහට නෙමේ මම මගේ පාසල් කාලෙ නිදහස බුක්ති වින්දෙ. මට සමාජය ගැන බයක් තිබුනා. ඉන්න ඕනෙ පිළිවෙල ගැන කියලා දීලා තිබුනා.පරිස්සම්වෙන්න ඕනෙ මොනවගෙන්ද කියලා දැනගෙන හිටියා. අපෙ ආච්චි වගේම අම්මත් අපිට ගෑනු ළමයෙක් හැටියට පරිස්සම් වෙන්න දේවල් කියලා දීලා තිබුනෙ.වෙන එකක් පවා අඩු කුලේ අය සමග හිතවත්කමක් වත් පවත්වන්න ඉඩක් තිබුනෙ නැති වටපිටාවකුත් තිබුනා. කොහොමවුනත්මේ සියල්ල මැද මා ඉතාසැහැල්ලු කාලයක් ගත කළේ.ඉතින් මා විවාහ වනවිට මේ කිසිවක පිළිබඳ වගකීමක් බරපතල කමක් මා දැන සිටියේ නැහැ.

ඔයා කුලය ගැන කතා කළා. අද ටත් මේක වලංගුයි කියලා හිතනවද?
මම එදත් හිතුවෙ බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා වගේ. කෙනෙකු වසලයෙකුහෝ මිනිසෙකු වන්නේ තමන් කරන ක‍්‍රියාවවෙන් මිසක් වෙන සමාජ නිර්ණයක මත නොවේ .මම හිතන්නෙ එහෙම. නමුත් මම දකිනවා මේ සමාජය තුළින් මෙවැනි අනවශ්‍ය සමාජ නිර්ණායක අයින්වෙලා යනවා වුනත් මිනිස්සු තුළ තවමත් යම් යම් අවස්ථාවලදි විශේෂයෙන් විවාහ කාරණා වලදි ආගම, කුලය, ජාතිය කියන කාරණා පිළිබඳව විශේෂ අවදානයක් යොමු කරනවා.මෙතෙන්දි කුලය විශේෂ වනවා. සමහර සමාජ සම්මත වෙනස් වුනත් ඒ කුලයට අදාල මිනිසුන් තුළ ඔවුන්ටම ආවේනික හීන මානයන් තිඛෙනවා. ඔවුන්ගේ හැසිරීම් තුළ ඒවා ඉස්මතුවෙන අවස්ථා පෙනෙන්ට තිඛෙනවා.සමාජ අවබෝධය, ඇසුර හා උගත්කම තිබ්බත් කුලය පිළිබඳ ව වූ හීන මානයෙන් මිනිසුන් ගෙ හැසිරීම් වෙනස් වෙනවා. උගත් සමජ ඇසුරක් තිබ්බත් ඒ අයගෙ හැසිරිම් වල ව්‍යාකූලතා පිළිබඳ විමසීමක් කරලා බැලුවොත් ඒ අයගෙ පවුල් වල පසු බිම ඊට බලපා ඇති බව දැනගන්න පුළුවන්.ඒවා ජානමය අර්භූද හැටියට මතුවෙනවා වෙන්න ඇති කියලා මට හිතෙනවා. මේක මට දැනෙන අදහසක් විතරයි.සමහරවිට මට දැනෙන දේ තවත් කෙනෙකුට එහෙම නොවෙනවා වෙන්න පුළුවන්.සාපේක්‍ෂයි. මම අඩු කුලේ, ජාතිය ,ආගම පිළිබඳව වෙනස් විදිහට ක‍්‍රියා කරන කෙනෙක් නෙමේ . කලාකාරිනියක හැටියටත්, මම සේමිනී හැටියටත්, මට අනුව අපි හැමෝම මිනිස්සු .

විවාහ බන්ධනයට එකුවෙලා පවුලක් වෙලා වසර කීයක් ද දැන් ?
දෙසැම්බර් 15වෙනිදට අවුරුදු 19ක් වෙනවා.

තරුණ කාලෙ විවාහය තුළට ඇවිත්, ආකර්ශ
ණීය පෙනුමක් තිඛෙන කෙනෙක් හැටියටත්, රංගන ශිල්පි‚යක් හැටියටත් මේ අවුරුදු 19ක විවාහ ජීවිත කාලය කොයි වගේද දැනුනෙ?
දම්මික කියන්නේ ජීවිතේට තාත්තා කෙනෙක්, හොඳ යාළුවෙක්, සැමියෙක් සහෝදරයෙක්, පෙම්වතෙක්. අපි අතර මේ අවුරුදු 19 ඇතුළෙ ප‍්‍රශ්න ඇති වුනේ නැහැ කියනවනම් ඒක බොරුවක්. ප‍්‍රශ්න ඇති වුනා . නමුත් ඒ ප‍්‍රශ්න වලදි අපි උත්තර හොයා ගත්තේ අපේ පවුල් ජීවිතය තුළ ඇති බැඳිමට කිසිඳු හානියක් කරගෙන නොවේ. සමහර වෙලාවට මා අතින් සිදුවූ යම් යම් ක‍්‍රියාවන් වලදී දම්මික මා සම්බන්ධයෙන් හිතුවෙ මගෙ මෝඩකම, බොළඳකම, නොදැනුවත්කම නිසා මා අතින් එහෙම වෙන්න ඇති කියලා . මගෙ අතින් වැරදි වෙලා තිඛෙනවා.දම්මික ට ඒවා දැනුනා . දම්මික දැනගෙන හිටියා මට ඒවා අවබෝධ වෙනකොට මම ඒ වැරදි නිවැරදි කර ගනීවි කියලා. දම්මික මට හුගත් ආදරෙයි. දෙමව්පියන්ට තමන්ගෙ දරුවෙක් මිනියක් මරලා ආවත්, මොන වැරැද්දක් කරත් ඒ දරුවව වෙනස් කම් කරන්නෙ නැහැ. ඒ දරුවට ආදරෙයි. ඒ දරුවා පිටමං කරන්නෙ නැහැ වගේ, දම්මික මට පිට කෙනෙක් විදිහට මගෙ ජීවිතේ ඇතුළට ඇවිත් නැහැ.එයා මට මගේම පවුලෙ කෙනෙක් හැටියටයි මගේ ජීවිතේ ට ඇවිත් තියෙන්නේ.

ඒ කෙන් ඔයා අදහස් කරන්නෙ ඔයා කළ යම් වැරදි වලට දම්මික සමාව දීලා තියෙනවා කියන එකද?
දම්මික සමාව දීම, ඉවසීම කියන කාරණා තුළ ඉන්න කෙනෙක්. බෝධිසත්ත්ව ගතිගුණ තිඛෙන කෙනෙක්.කුමලි වෙනුවෙන්, අපි වෙනුවෙන් වරැද්දක් වෙන්න දම්මික ඉඩ තියන්නෙ නැහැ, කුමලිට අඩුවක්වෙන්න, වරැද්දක් වෙන්න අපි ජීවත්වෙන්න ඕනෙ නැහැ කියලා දම්මික හිතනවා. දම්මික දන්නවා මම දම්මිකට හුගක් ආදරේ බව.

තරුණ වයසෙදි කාසඳ බැඳපු රංගන ශිල්පි‚යක් හැටියට ජනප‍්‍රිය ඔයාට විවාහයෙන් පසුව පේ‍්‍රම සම්බන්ධකම් ඇතිවෙලා තිඛෙනවද?
ඔව්... ඇතිවෙලා තිබුනා. පෘථග්ජන මිනිස්සු හැටියට එහෙම දේවල් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මොන බැරියර්ස් තිබුනත් ගැලවෙන්න බැරිවුන අවස්ථා තිබුනා. හැබැයි අපේ සමාජය,සංස්කෘතිය පිළිබඳව හිතනකොට මට වගකීමක් ඇති බව මම හිතුවා.

මොකද්ද ඔබ කියන ඔය සංස්කෘතිය සහ සමාජය?
මට පවුලක් තිඛෙනවා.හොඳ සැමියෙක් ඉන්නවා. දුවෙක් ඉන්නවා. බොහෝ අය විවාහය තුළ ඉඳගෙන වෙන සම්බන්ධකම් වල ට යොමුවෙන්නේ ඒ පවුල ඇතුළෙ මොනවාහරි අඩු පාඩුවක් තිඛෙනවනම්. නමුත් මට එහෙම කිසිම අඩු පාඩුවක් තිබුනෙ නැහැ.

ඔයා කියන්නේ ස්ත‍්‍රින් හෝ පුරුෂයන් විවාහයෙන් පරිබාහිර සම්බන්ධතාවල ට යොමුවන්නේ විවාහය තුළ ඇති අඩුවක් නිසා කියලද?
මට හිතෙන්නෙ එහෙම තමා වෙන්නෙ කියලයි. ඒක වචන වළින් විග‍්‍රහ කරන්න බැහැ . එය යම්කිසි මනෝභාවයක්. එතෙන්දි මෙවැනි සම්බන්ධකමකට දෙදෙනා තුළම කැමැත්තක් සහ යම්කිසි ආකර්ශනයක් තිබිය යුතු වෙනවනේ. එහෙම නොවන තැනනේ සමහර ස්ත‍්‍රීන්ව තලා, පෙළා පීඩනයට ලක් කරන්නෙ මරලා දාන්නෙ. මෙවන් සම්බන්ධකම් පිළිබඳ නිශ්චිත විග‍්‍රහයක් කරන්න බැහැ. නමුත් එවැනි දේවල් ලෝකෙ කොහෙත් සිදු වෙනවා. වර්තමානයේ අපිට හුගක් අහන්න දකින්න ලැඛෙන්නෙ භෞතික අවශ්‍යතා මත මිනිසුන් මෙවැනි සම්බන්ධකම් වල ට යොමුවෙනවා කියන එකයි. ඒ අතර මානසික කාරණාත් තිඛෙන බව පේනවා.ඒ නිසයි මම කිව්වෙ මෙයට නිශ්චිතව පිළිතුරක් දීම අමාරුයි මොකද මෙය මිනිස් හිත් තුළ ඇතිවන මනෝභාවයන් හි එක් දෙයක් .

තරුණ ආකර්ශ
ණීය රංගන ශිල්පිනියක් වන සේමිණී ට මේ අවුරුදු 19ක විවාහ ජීවිතය කොහොමද දැනෙන්නෙ?
මම මොනදේ කළත් ෆැමිලි ෆස්ට් කියන දේ තුළ ඉන්න කෙනෙක් . මොන දේ කළත් පවුල තමා මට වැදගත්ම. පවුල ඇතුළෙ සමාව දීම, වගේම සමාව ගැනීම පිළිබඳව මම හිතනවා. මගේ මහත්තයගෙ පැත්තෙ අයට මම හුගක් ආදරෙයි. ඒ අයත් එහෙමයි. ඒක කපටි කමක් වත් බොරුවක් වත් නෙමෙයි. බොරුවක් හෝ කපටි කමක් කරානම් අවුරුදු 19ක් තිස්සේ බොරු කරන්න බැහැ නෙ. මේ සියළු මානුෂීය කාරණා සමග තමයි මමයි දම්මිකයි යාළුවො වගේ අවුරුදු 19ක් පවුල් ජීවිතය ගත කරන්නෙ. මට හිතෙනවා හුගත් අය අතර පවුල් ප‍්‍රශ්න ඇතිවෙන්නෙ බිරිඳ සහ ස්වාමියා අතර සුහදතාවක් නැති කම,යාළුකමක් නැති කම නිසා කියලා. හොඳ විශ්වාසවන්ත යාළුවො කියන්නෙ කොයිතරම් දේවල් ඛෙදාහදාගන්න දෙන්නෙක්ද. ඉතින් තමන්ගෙ බිරිඳ හෝ ස්වාමියා තමන්ගෙ හොඳම යාළුවා කරගන්න පුළුවන්නම් ඒ පවුලෙ ඇතුළෙ ඇති වන ඕනෙම දෙයක් ඉතා සංකීර්ණතාවන්ට නොයා විසඳගෙන, හොඳින් ජීවත්වෙන් පුළුවන් කියලා මම හිතනවා . දම්මිකගෙයි මගෙයි යාළුකම වගේම, එයාගෙ යාළුවො, මගේ යාළුවො එක්ක අපි දෙන්නටම සුහදව කටයුතු කරන්න පුළුවන් පසුබිමක් තිඛෙනවා.

වසර 19ක විවාහ ජීවිතයේ අමතක නොවන කාරණා මොනවද?
බැඳලා අවුරුදු හයක් යනකම් අපිට දරුවො හිටියෙ නැහැ. අපි කුමලි හදාගත්තෙ දහ දුක් විඳලා. ඉතින් කුමලි අපේ ජීවිතවලට ආව දවස අමතක නොවනම දේ බවට පත්වෙනවා. අපි දෙන්නගෙ පැවැත්ම එතැන තමා.

කොහොමද මේ අදහස් දැක්වූ සියළු කාරනා සමග පවුල පදනමක් සහිතව පැවතෙන්නෙ?
අපි දෙන්නටම සාමාන්‍ය මිනිස්සුන්ට වගේම තරහ එනවා. කේන්ති යනවා. මෙතනදි දම්මිකට තරහා ආවොත් මම නිහ~ව ඉන්නවා . මට තරහා ආවොත් දම්මික නිහ~ව ඉන්නවා. අපි දෙන්නා කවදාවත් ගේ ඇතුළෙ කැ ගහගෙන නැහැ.

වැඩියෙන් තරහයන්නෙ කාටද?
මට

දම්මිකට වෙනත් සම්බන්ධයක් පැටලුනොත් ඔයා කොහොමද ඒකට ප‍්‍රතිචාර දක්වන්නෙ?

මගේ දෙයකදි දම්මික දක්වන ලද ප‍්‍රතිචාරයකට වඩා මම දරුණු වෙනවා ස්වභාවයෙන්ම. ඒක මට කොහොමත්ම දරාගන්න අමාරු කාරණයක්. මම සමාව දෙනවා. මොකද මට, දුවට දම්මිකව ඕනෙ නිසා. දික්කසාදයකට හෝ මිනී මරන්න යන්නෙ නැහැ. ඒ සම්බන්ධය කඩා කප්පල් කරනව. ලේසියෙන් අත අරින්නෙ නැහැ.

වර්තමාන ජනමාධ්‍ය භාවිතය සම්බන්ධව ඔයාට මොනවගේ අදහසක් ද තියෙන්නෙ?
ඇත්තම කිව්වොත් වර්තමානයේ අපේ වෘත්තීය ගරුත්වය ට යම්කිසි බලපැමක් ඇති කරන්න, යම්කිසි හානිදායක තත්ත්වයක් ඇති කරන්න සමහර මාධ්‍ය ක‍්‍රියා කරනවා කියලා මම හිතනවා. මොකද සමහර මාධ්‍ය කිසිම වගකීමකින් තොරව කාගේ හෝ අවශයතාවකට ඒක පාර්ශවීය කරුණු පමණක් පදනම් කරගෙන, සාධාරණ විනිශ්චයකින් තොරව, හොයලා බලලා තොරතුරක් පළ නොකරන අවස්ථා අනන්තවත් අපේ ක්‍ෂෙත‍්‍රයට අදාළව දකින්න, කියවන්න, අහන්න ලැඛෙනවා. දැන් මම අවුරුදු 19ක් විවාහ ජීවිතය ගත කිරීම කාටවත් ප‍්‍රවෘත්තියක් වෙන්නෙ නැහැ. හැබැයි මම දික්කසාද වෙනවා කිව්වනම් ඒක තමා මාධ්‍යට වැදගත් වෙන්නෙ. හොඳ නරක දෙකම ලියන්න ඕනෙ ලියනවනම්. එක පැත්තක් විතරයි මේ මාධ්‍ය තුළ අපිට දකින්න ලැඛෙන්නෙ. අද බලන්න මේ මාධ්‍ය තුළින් නවක ළමයි ව ජනප‍්‍රිය තරු බවට ඉහළට ඔසවා තබනවා. මේ ළමයින්ව සමහරු දන්නෙත් නැති වෙන්න පුළුවන් . මෙවන් තත්ත්වයන් තුළ මේ අයට මේවා ඔරොත්තු දෙන්නෙ නැහැ. ඒ නිසා ඇතිවන ප‍්‍රශ්න නැවත මාධ්‍ය තුළින් දැනගන්න ලැනේනෙ වැරදි විදිහට.

ඔබ හිතනවද වර්තමාන ජනමාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන සමහර පෞද්ගලික මාධ්‍ය ආයතනවල වෘත්තියේ නියැළී සිටින අය අය සදුසුකම් සපුරන ලද අය බව?
සුදුසුකම් සැපිරූ අය ඇති. නමුත් සියල්ලෝම පෞද්ගලික ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් යැයි කියාගන්න අය එසේ නොවිය හැකියි. ජනමාධ්‍ය විෂයක් ලෙස හැදැරු නැති අය, අත්දැකීම් නැති අය, උපාධියක් නැති අය මේ වගේ තැන්වල කටයුතු කරනවා යම් යම් හිතවත් කම් සහ පෞද්ගලික දැන හැඳුනුම් කම් මත. මේ අය අපෙන් අහන සමහර ප‍්‍රශ්න දිහා බලපුවහම ඇත්තටම සමහර වෙලාවට මම අහලා තියෙනවා මොනවද ඔය අහන ප‍්‍රශ්න කියලා . ඒ සුදුසුකම් සපුරලා නැතිවුනත්, ඒ අයට සාමාන්‍ය අවබෝධය, දැ
ණීම තියෙන්නෙ ඕනෙ තමන් අහන්න යන්නෙ මොකද්ද? කාගෙන්ද මේ අහන්නෙ කියලවත්.

සේමි
ණී ඔයා සෙක්සි කියලා කියනවා... ඔයා සෙක්සිද? ( සේමිණී ට ලොකු හිනාවක් ආවා)
මෙහෙමයි මම එහෙමයි කියලා මගේ බාහිර රුපයත් ඒකක් බොහෝ අය කියනවා.හිතනවා. මගේ බාහිර ස්වරුපය තුළ එහෙම පෙණුමක් තමා තියෙන්නෙ. මේ නිසා මම වැරැද්දක් නොකළත් මිනිස්සු මම මෙහමෙයි කියලා කියනවා. මම මිනිස්සු මම ගැන හිතන තරම් නරක කෙනෙක් නෙමේ. මම දකින දකින හිතෙන හිතෙන අය එක්ක සම්බන්ධකම් පවත්වන කෙනෙක් නෙමේ. අපි ගැන ලියන සමහර අය ඒ විදිහට තමා හුවා දක්වන්න උත්සාහ කරන්නෙ. මම හරිම සුහදශීලීව සමාජය ඇතුලෙ වැඩ කරන්න, ගැවසෙන්න කැමති කෙනෙක්. අනවශ්‍ය බලපැම් වලට මම ටිකක් තදින් ඉන්නවා. එහෙම කා එක්ක හරි හිතවත් වෙන්න අවශ්‍යනම් මම හුගක් දේ ගැන හරිම සැළකිලිමත්. අපි කියන්නේ පස්මහ බැලුම් බලනවා කියලා. මගේ කැමැත්තක් නැතිව කිසිම කෙනෙකුට අතකින්වත් අල්ලන්න මම කාටවත් ඉඩදෙන්නෙ නැහැ.මම එක බැල්මකින් ඒ කෙනාව එතැනින් පැත්තකට කරනවා. ඒ වගේම තමා ඕනෙම්, එක බැල්මකින් ගෙන්න ගන්නත් පුළුවන්.

මේ සෙක්සි ලුක් එක ගැන ඔයාට මොකද හිතෙන්නෙ?
මම ඒ පෙනුමට කැමතියි. ඒක වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා. ඒක ස්ත‍්‍රීත්වයේ ලක්‍ෂණයක්. ඒක පිනක් .

ලංකාවේ වර්තමාන සමාජයේ ආර්ථීක තත්ත්වය ගැන මොනවගේ අවබෝධයක් ද ඔයාට තියෙන්නෙ?
මෙහෙමයි භෞතික සංවර්ධනයක් පේන්න තියෙනවනේ. ඒක අපි ට පිළිගන්න වෙනව.නමුත් සමස්ථයක් හැටියට ලංකාවේ ආර්ථීකයේ ඇති නැති පරතරය වැඩි වෙමින් තිඛෙන බව තමයි මට හිතෙන්නෙ. මොකද නැති කෙනාට එන්න එන්නම මේ ආර්ථීක වට පිටාව තුළ විශාල දුෂ්කර තාවලට මුහුන පාන්නට වෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත්වීම එපා වෙන තත්ත්වයක් තමා ඇහෙන්නෙ,පේන්නෙ. තියෙන කෙනාට තියෙනවා නැති කෙනාට නැහැ.සමහරු දවසින් දෙකින් මුදල් උපයලා ධනවත් වෙනවා කිසිම මහන්සියකින් තොරව. දේශපාලනඥයො කොයිතරම් මුදල් උපයනවද? සංවර්ධනය කියන කාරණය තුළ අපි ලෝකෙට ණය වෙනවා. මේ ණය පියවගන්නෙ මේ වැඩ කරන මිනිස්සුන්ගෙන්. ඒ මිනිස්සුන්ගේ ජීවිතවල මූලික පහසුකම් දියුණු නොකර, ඒ අයගෙ වැටුප් වැඩි නොකර මේ ණය ගෙවන්න බදු අය කිරීම් තුළ සාමාන්‍ය ජනතාව ට ප‍්‍රශ්න රැසකට මුහුන දෙන්න වෙනවා කියලා මම හිතනවා.

ඔයාගෙ දියණිය ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරන්නෙ. නමුත් මේ රටේ බහුතරයක් දරුවන් මේ රටේ සමාන්‍ය පාසල් වල අධ්‍යාපනය ලබනවා. අම්ම කෙනෙක් හැටියට, කලාකාරිනියක් හැටියට ඔයාට මේ රටේ දරුවන්ගෙ අධ්‍යාපන ය ගැන මොනවගේ අදහසක් ද තියෙන්නෙ?
ඇත්තටම මේ කාරණය ගැන කතාකරන්න මම කැමතියි. මේ රටේ අද වෙනවිට අපිට නොතිබුණ අවස්ථා හුගක් තිඛෙනවා. ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබන්න, තාක්‍ෂණ මෙවලම් ආදී විවිධ දේ තුළ දියුණුවක් දකින්නට ලැඛෙනවා. අද ගුරුවරු ඉන්නවා. නමුත් මම හිතන්නෙ මේ රටේ සමස්ථ දරුවන් දිහා බැලුවහම මේ හැම කෙනෙකුටම ඒ පහසුකම් ලැඛෙන්නෙ නැහැ කියලා. සමහර දුෂ්කර පළාත්වල පාසල්වලට වැසිකිලි පහසුකම් වත් නැති බව මා අසා තිඛෙනවා. සමහර දරුවන්ට පාසලට යන්නට නිසි පාරක් නැහැ. ප‍්‍රවාහන සේවා නැහැ. සමහර පාසල් වල ගුරුවරු නැහැ. යටිතළ පහසුකම් නැහැ. මේ වගේ විෂමතාවන් තිඛෙනවා. මම හිතන්නෙ මේ රටේ අනාගතය තිඛෙන්නේ මේ රටේ දරුවන් අතේ . ඒ නිසා ඕනැම රජයකට යුතුකමක් තිඛෙනවා මේ රටේ අනාගත පරපුරේ අධ්‍යාපනයට, සෞඛ්‍ය ට අවශ්‍ය මූලික පහසුකම් සළසා දෙන්න.

මම ඔබත් සමග මේ සාකච්ජාව කේන්ද්‍ර කරගත්තෙ ඔබේ 19වැනි විවාහ සංවත්සරය යෙදී තිඛෙන නිසයි. මොකද ඔබ ගැන මාධ්‍ය විවිධ කාරණා ප‍්‍රකාශ කළත් ඔබ වන් ආකර්ශ
ණීය , තරුණ රංගන ශිල්පි‚යක් පවතින වාතාවරණයන් තුළ වසර 19ක් විවාහ ජීවිතය පූර්ණ කිරීම විශේෂයක් වන නිසා. අද කාලෙ හුගක් තරුණ රංගන ශිල්පි‚යන්ගෙ විවාහයන් කෙටි කාලීන බවක් පේනන් තිඛෙනවා. මේ තරුණ අයට ඔබේ අත්දැකීමෙන් ඔබට කිව හැක්කෙ කුමක්ද?
මම අත්දැකීම් තුළින් දෙයක් කියනවනම් මේ විදිහට කියන්න කැමතියි.තරුණ කාලෙදි විවාහය තුළ ඇතිවන යම් යම් ප‍්‍රශ්න සහ අදහස්, සිතුම් පැතුම් නොගැලපීම් මතින් ඇතිවන ගැටුම් පවතින්නෙ ඉතා ටික කාලයයි. මේ කාලය දරාගන්න පුළුවන්වෙන්න ඕනෙ. ඉවසගන්න පුළුවන්වෙන්න ඕනෙ. මේක කාන්තාවක් විතරක් කරන්න ඕනෙ දෙයක් නෙමේ. තම තමන් අතින් සිදුවන යම් යම් අතපසුවීම් හෝ විවාහයක් තුළ සිදුවන කාරණා පිළිබඳව තමන් විසින්ම සිතා බලා, ඉවසා, සමාව දීම් හෝ සමාව ඉල්ලීම් කරනවනම් ඒ කරන කැපකිරීම තුළින් එතැන් සිට හොඳ පවුල් ජීවිතයක් ඉදිරියට ගෙනියන්න හැකියාවක් ලැඛෙනවා. නමුත් සමහර පවුල් තුළ අර්භූදයන් වළදි, ගුටි බැට හුවමාරු කරගෙන ජීවත්වන් අපහසුම පරිසරයක් ඇතිනම් මා කියන්නෙ ජීවත්වෙන්න බරිම නම් විඳවන්න අවශ්‍ය නැහැ. දරුවන් ඉන්න දෙමව්පියන් අතරනම් මෙවැනි ආකරයේ ගැටුම් ඇතිවෙන්නෙ, දරුවන් මානසික රෝගීන් නොකර, දරුවන්ට බලපැම් ඇතිනොවන අයුරින් ඒකට අවශ්‍ය ක‍්‍රියා මාර්ගයන් ගත යුතු වෙනවා . නමුත් විසඳගෙන ඉදිරියට යන්න පුළුවන් අවස්ථා මගහැරගත්තොත් සමහරවිට ජීවිතයෙ පසු තැවෙන්න වෙන්නත් පුළුවන්. අපි මිනිස්සු හැටියට අවබෝධය, ඉවසීම සහ දරාගැනීම තමා අවශ්‍ය වෙන්නෙ

මොනවද 15වෙනිදට 19වෙනි සංවත්සරය වෙනුවෙන් කරන්නෙ?

සුවිශේෂී සැමරුම් නැහැ. මම මේ වගේ අවස්ථාවක පන්සලට යනවා . හීල්දානය දෙනවා . මෙවරත් ඒ කටයුතු ඒ ආකාරයෙන්ම කෙරෙනවා. ඉතින් ඊට අමතරව ආරාධනා කළත්, නොකළත් මට සමීප, මට ආදරය කරන මගේ යහළු යෙහෙළියන් එදාට එයි. එයාලම ඇවිත් උයාගෙන කාලා බීලා යනවා. මම මගේ 16වන විවාහ සංවත්සරය සැමරුවා. ඒක සුවිශේෂී ව සමරන්න ඕනෙ කියලා හිතුන නිසා. එදා තමයි මගේ දිය‚ය වැඩිවියට පත්වුනේ . ඇත්තටම ඒක සුවිශේෂී සැමරුමක් වුණා. ඒ වගේම මම හිතන් ඉන්නවා නොමැරුනොත්, කසාදෙ තිබුනොත් 25වෙනි විවාහ සංවත්සරය සමරන්න. අපිට අනාගතය ගැන කියන්න බැහැනෙ.

ආපහු හැරිලා බලනකොට ජීවිතේ ගැන මොනවගේ හැගීමක්ද තිඛෙන්නෙ?
මට දැනෙන්නෙ ඉන්න වාසනාවන්තම කෙනා මම කියලා.මම ගිය ආත්මේ හුගක් පිං කරලා තියෙනවා කියලා හිතෙනවා. අවුරුදු 21න් මම විවාහ වුනේ. මම මගේ ජීවිතෙන් අවුරුදු 26ක්ම ගත කරලා තියෙන්නෙ දම්මික එක්ක. මම පිං ගොඩක් කරලා තියෙනවා. දම්මික ඉන්න තැන මම හුගක් ආරක්‍ෂිතයි. ඒ වගේම දුවත් ආරක්‍ෂිතයි. මට ඉස්සරහා ආත්මෙදිත් මේ හැම දෙයක්ම ඕනෙ.මම එහෙම හිතනවා.

සාකච්ජාව සහ සටහන- මනෝහාරී හේවාවසම්
 
Top