නෙතු දවා ගලන කදුලැල් Music Video එකේ නිරුපිකාවට තර්ජන | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මේ දිනවල ජනප්‍රිය වෙමින් පවතින සුජීව බණ්ඩාරගේ නවතම ගීතය වන "නෙතු දවා ගලන කදුලැල් " ගීතයේ පෙනී සිටීමට සිටි නිරුපිකවට ජිවිත තර්ජන එල්ලවීම නිසා එම නිරුපිකාව රූප රචනයෙන් ඉවත් කිරීමට සිදු වී ඇත. ගීතය පටිගත කිරීමට පෙර දිනයේ එම නිරුපිකාව සේවය කරන ආයතනයෙන් නිර්නාමික දුරකථන ඇමතුම් ගණනාවක් පැමිණ තිබෙන අතර එයින් සඳහන්ව ඇත්තේ මෙම ගීතයේ රූප රචනයට පෙනී සිටියහොත් ජිවිතයට තර්ජනයක් වන බවය. එනිසා මෙහි නිෂ්පාදන කණ්ඩායම ඉතා අසීරුතාවයකට පත් වී තිබේ. කෙසේ එම නිරුපිකාවම මෙම රූප රචනයට එක්කර ගැනීමට දැඩි උත්සහයක් දැරුවද එය අසාර්ථක වී තිබෙන්නේ තර්ජනය කිරීම් උත්සන්න වූ නිසාය. රූප රචනය (shoot ) සිදුකල දිනයේ උදැසන වන විටත් ඒ වෙනුවට වෙනත් නිරුපිකාවක් එක්කර ගැනීමට නිෂ්පාදන කණ්ඩායමට නොහැකිව තිබේ. රූප රචනය අතර මග නැවත දැමීමට නිෂ්පාදන කණ්ඩායමට සිදුව තිබේ.එහෙත් සුළු වෙලාවකින් පසු ගීතය නිෂ්පාදනය කල දමිත් බස්නායක විසින් මෙහි පෙනී සිටින නිරුපිකව පටිගත කරන ස්ථානයට (location ) සම්බන්ද කර ගැනීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් තර්ජනයට ලක් වූ නිරුපිකව විසින් තම සේවා ස්ථානයට මෙම තර්ජනය කිරීම් සම්බන්දයෙන් පැමිණිලි කර ඇති අතර දැනට ආයතනික මට්ටමෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව සදහන්. කුමන හේතුවක් මත මෙම තර්ජන එල්ල කලාදැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම video එකට පෙනී සිටීමට කැමැත්තෙන් සිටි එකම ආයතනයේ වෙනත් නිරුපිකාවක් විසින් මෙම ක්‍රියාව සිදුකල බවට සැක පහල වී ඇත.

මෙම ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කර ඇත්තේ තරුණ සංගීත අධ්‍යක්ෂක වරයකු හා ප්‍රවීන කලා කරුවකු වන කුමාරසිරි පතිරණගේ පුත් සිනෙත් මාලක විසිනි. 


එම ගීතය පහතින්
 
Top