බල්ටි ගහපු හෝටලයේ නඩු වාර්තාව ඉල්ලූවැයි කෙහෙළියට යකා නඟී | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමුන්නාන්සේට නඩු පෙන්නන්න තමුන්නාන්සේ මොකෙක්ද?
මම මංත්‍රීවරයෙක්. අනේ දෙයියනේ මට A/Lලුත් තියනවා. හැබැයි මම බල්ටි ගහලා නඩු දාගන නෑ

ජනමාධ්‍ය ප්‍රවෘත්ති වැය ශීර්ෂ විවාදයේදී රන්ජන් රාමනායක විසින් ලංකාවේ ජනමාධ්‍ය නිදහස ගැන පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වමින් සිටින අතරතුරේ අස්වර් මංත්‍රීවරයා ඊයේත් සුපුරුදු පරිදි බාධා කලා.

අස්වර් සෑම විටම "Point of order" ලෙස කෑගසා විපක්ෂයේ කතා වලට බාධා කරන නිසා රන්ජන් පැවසුවේ "මම ලඟදිත් කිව්වා අස්වර්ගේ පොයින්ට් එක නෑ පොයින්ට්ලස් කියලා. You are pointless" යනුවෙනි.

අනතුරුව රන්ජන් විසින් කෙහෙළිය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසූ අතර

ඒවාට ඇමතිවරයා බොහෝ කෝපවී තිබුනා. ජනමාධ්‍යවේදීන් ගුටි කා රෝහල්ගතවූ විට තැඹිලි ගෙඩියක් රැගෙන යාම විනා වෙන කිසිවක් කළ නොහැකි බව මීට පෙර කෙහෙළිය අමාත්‍යවරයා පවසා තිබූ නමුත් ඔහු ඊයේ පැවසුවේ එවැන්නක් නොකී බවයි.

අනතුරුව ඕස්ට්‍රේලියාවේ හෝටලයකින් ලිස්සා වැටීම පිළිබඳව එයට විරුද්ධව හෝටලයට නඩු දමන බව පැවසූ නිසා රන්ජන් රාමනායක එම නඩු වාර්තාව කෙහෙළියගෙන් ඉල්ලා සිටියා. එවිට ඇතිවූ සංවාදය පහත අයුරින් වන අතර නඩු වාර්තාවක් නොලැබුණු නිසා රන්ජන් පැවසුවේ. "සමාවෙන්න. සමාවෙන්න. මෙතුමාට නඩුවක් නෑ.....එතුමා පැන්නේ නෑ. මමයි ඕස්ට්‍රේලියාවේ හෝටලෙන් එහාට පැන්නේ. මට නඩුවක් තියනවා, මම ඒ නඩු වාර්තාව ඉදිරියේදී සභාගත කරන්නම්" යනුවෙනි.

එම සම්පූර්ණ සංවාදය හා වීඩියෝව පහතින්.

රන්ජන්: තමුන්නාන්සේලාම කියනවා මාධ්‍යවේදීන්ට නිදහස තියනවලු. අපේ ගරු ඇමතිතුමා මොකක්ද කියන්නෙ? මාධ්‍යවේදීන්ට ප්‍රශ්නයක් තිබුනොත් මට කරන්න දෙයක් නෑ. මට කරන්න පුළුවන් තැඹිලි ගෙඩියක් අරන් බලන්න යන්න විතරයි කියලා එතුමා කියනවා.

කෙහෙළිය: එහෙම කිව්වේ නෑ.

රන්ජන්: ඇයි ඔබතුමා කිව්වේ මට පිළිගන්නට බෑ. මට පුළුවන් තැඹිලි එකක් අරන් යන්න විතරයි කියලා

කෙහෙළිය: ප්‍රකාශ විකෘත්ති කරන්න එපා.

රන්ජන්: ඔබතුමා කිව්වා මාධ්‍යවේදියෙක් ගුටිකාපුවහම මට තැඹිලි එකක් අරන් ඉස්පිරිතාලෙට බලන්න යන්න පුළුවන්. ඒත් මට මේවට වගකියන්න බෑ කියලා. කිව්වද නැද්ද?

කෙහෙළිය: බොරු කතාවක්නේ ඔබතුමා කියන්නේ

රන්ජන්: එහෙනම් ඔබතුමා මොකක්ද කිව්වේ?

කෙහෙළිය: මම කියපු එක ඔබතුමා දන්නේ නැත්නම් එළියට ඇවිල්ලා අහගන්න. මම කියන්නම් ඔබතුමාට කියාපු එක.

රන්ජන්: ඔබතුමා කිව්වේ නැද්ද?

කෙහෙළිය: දන්න නැතුව කතා කරන්න එපා. බොහොම පැහැදිළිව මම කියාපු එක වාර්තාගත වෙලා තියනවා.

රන්ජන්: අපි මාධ්‍යයෙන් දැක්කා ඔබතුමා එහෙම කියනවා.

කෙහෙළිය: ඔබතුමා මතක තියාගන්න මාධ්‍යයෙන් කියන කතා වලින් කෑල්ලයි දාන්නේ. අන්න ඒකයි වැරැද්ද.

රන්ජන්: ඔබතුමාගේ ප්‍රකාශ විශ්වාස කරන්න බැහැනේ ඇමතිතුමා. ඔබතුමා කිව්වා ඕස්ට්‍රේලියාවේ අර බල්ටි ගහපු හෝටලේට නඩු දානවා කියලා. ඒක සී.සීටී.වී වල රෙකෝඩ් වෙලා තිබුණා කියළා. කෝ නඩුව? කෝ නඩුව? මට පෙන්නන්න ඒ නඩු වාර්තාව එක්ක.

කෙහෙළිය: තමුන්නාන්සේට නඩු පෙන්නන්න තමුන්නාන්සේ නඩුකාරයෙක්ද? ඔබතුමා මොකෙක්ද?

රන්ජන්: ඔබතුමා ඇහැරුනා. ඔබතුමා අහන දේට උත්තරේ නෙවෙයිනේ දෙන්නේ? කෝ උත්තරේ නැහැනේ?

කෙහෙළිය: තමුන්නාන්සේට නඩු පෙන්නන්න තමුන්නාන්සේ මොකෙක්ද?

රන්ජන්: දැන් විෂය ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති. ඒ විශය යටතේ ගරු ඇමතිතුමා කිව්වා ඕස්ට්‍රේලියාවේ බල්ටිය ගහපු හෝටලයට නඩු දානවා කියලා. මම ඇහුවේ නඩුව. ඇයි දෙයියනේ ඕකට ඔය තරම් කේන්ති ගන්නේ. ඔය කේන්තියෙන් යකානැගලනේ මට බනින්නේ. නඩුව කෝ කියලා අහපුවහම තමුසේ කවුද කියලා අහනවා. දෙයියනේ. ගරු ඇමතිතුමනි මට නඩු වාර්තාව කියන්නකෝ..අනේ හිනා. මම නඩුව ඇහුවා විතරයි මාව මරාගන කන්න යනවනේ.

කෙහෙළිය: තමුන්නාන්සේට නඩු පෙන්නන්න තමුන්නාන්සේ කවුද?

රන්ජන්: අනේ මම රන්ජන් රාමනායක, මම මංත්‍රීවරයෙක්. අනේ දෙයියනේ මට A/Lලුත් තියනවා. හැබැයි මම බල්ටි ගහලා නඩු දාගන නෑ.

(මංත්‍රීවරයෙක් යමක් පවසයි )

රන්ජන්: ආ...නඩුව පස්සේ බලමුලු මෙතුමා කියනවා. එහෙනම් නඩුව පස්සේ බලමු. සමාවෙන්න. සමාවෙන්න. මම හිතුවා මට අයිතියක් තියනවා කියලා.

(කෙහෙළිය ඇමතිතුමා කෝපයෙන් යමක් කියවයී)

රන්ජන්: ආ...සමාවෙන්න. සමාවෙන්න. මෙතුමට නඩුවක් නෑ.....එතුමා පැන්නේ නෑ. මම ඕස්ට්‍රේලියාවේ හෝටලෙන් එහාට පැන්නා. මට නඩුවක් තියනවා, මම ඒ නඩු වාර්තාව ඉදිරියේදී සභාගත කරන්නම්.
 
Top