මින් පසු උතුරට සිංහ කොඩි බෑ.. උතුරු ඇමති සිංහ කොඩිය එසැවීමට බෑ කියයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

සිංහ කොඩිය තම ජාතික කොඩිය ලෙස පිළිනොගන්නා බව උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී. අයිංගේෂ්වරන් සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කලේ මන්නාරම ප‍්‍රදේශයේ පාසැලක පැවති උත්සවයකදී එසවීමට සූදානම් කර තිබූ සිංහ කොඩිය එසැවීම ප‍්‍රතික්‍ෂෙප කරමිනි.

සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිළි නොගන්නා බව තම පක්‍ෂය උතුරු පළාත් මැතිවරණ ප‍්‍රකාශණයේද සඳහන් කල අතර ඊට බහුතර ජනවරමක්ද ලැබුණු බව ඇමතිවරයා පෙන්වා දෙයි.

සිංහ කොඩියෙන් ද්‍රවිඩ ජාතිය නියෝජනය නොකරන බවත් සිංහයා සහ කඩුව තිබෙන තුරු එය ද්‍රවිඩ ජාතිකයන් පිළිගන්නේ නැති බවත් පවසා ඇති ඔහු මින් ඉදිරියට උතුරේ සෑම උත්සවයකදීම පළාත් කොඩිය පමණක් එසවිය යුතු යයිද අවධාරණය කර තිබේ.
 
Top