තඹුත්තේගම කුඹුරකට අහසින් පාෂාණ වැටිලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තඹුත්තේගම, ඉකිරිවැව ප්‍රදේශයේ කුඹුරු යායකට පෙරේදා (9දා) පස්වරුවේ අමුතු පාෂාණ කොටස් රැසක් වැටී ඇතැයි ගොවීන් පවසනවා. මේ පාෂාණ කැබලි මුලින්ම හමුවී ඇත්තේ ඒ.ආර්.ඒ. අජිත් ලාල් (අවුරුදු 40) මහතාගේ කුඹුරෙනි. ඒ පිළිබඳව ඔහු පැවසුවේ මෙවන් දෙයක්

'මං කුඹුරට තෙල් ගහන්න ගියාම අමුතු ගල් කැබලි වගයක් කුඹුරේ තියෙනවා දැක්කා. පස්සේ තමයි කුඹුරු යාය පුරාම ඒවා තියෙනවා කියලා දැනගත්තේ. මේ පාෂාණ දුඹුරු පාටයි. ඇතුළේ කුහර තියෙනවා. වතුරේ දැම්මාම පාවෙනවා. ගිනි තිබ්බට ගිනි ගන්නෙත් නෑ. මේවා අහසින් වැටෙන්නට ඇති. අක්කර දහයක විතර කුඹුරු ඉඩම්වලට මේවා වැටිලා තියෙනවා.'

පාෂාණ සම්බන්ධයෙන් දැනට සිදු කර ඇති මූලික සිද්ධි සලකා බැලීමේදී උල්කාෂ්මයක කොටසක් වන්නට ඇතැයි 'ලන්ඩන් බකින්හැම්' විශ්වවිද්‍යාලය් තාරකා හා ජීව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පර්යේෂණ කටයුතු සිදුකරන නදීක උදයකාන්ත මහතා පැවසුවා.
එම පාෂාණවල ඇති ජීවී තත්ත්වය පිළිබඳ පර්යේෂණ කටයුතු මූලික වශයෙන් සිදු කිරීමට නියමිතව තිබේ.

පාෂාණයේ සංයුතිය පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා එම පාෂාණ කැබලි බකින්හැම් විශ්වවිද්‍යාලයට රැගෙන යෑමට තීරණය කර තිබෙන බවද පවසා සිටියා.

කෙසේ වෙතත් තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට වැටී තිබුණු පාෂාණ කැබලි අරලගංවිල, මහියංගණය, රත්කිඳ යන ප්‍රදේශයන්වලට වැටුණු පාෂාණ හා සමාන වන අතර එම ප්‍රදේශයන්ට වැටී තිබුණු පාෂාණ කැබලි සම්බන්ධයෙන් ගොවීන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු සාක්‍ෂි තඹුත්තේගම ප්‍රදේශයට වැටුණු පාෂාණ කැබලිවලට ලැබුණු සාක්‍ෂි සමඟ සසදා බැලෙන බව ඒ මහතා සඳහන් කළා.
මේ පාෂාණ කෙරෙහි මූලික පර්යේෂණ කටයුතුවල ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය මූලිකත්වය ගෙන ක්‍රියා කරයි. 


 
Top