වයඹ රාජ්‍ය නාට්‍ය උළෙල හා සම්මාන ප්‍රදානෝත්සවය - 2013 | Gossip lanka news Sinhala News Sinhala Cinema News

වයඹ ප්‍රධාන අමාත්‍ය ගරු නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වයඹ රාජ්‍ය නාට්‍ය උළෙල හා සම්මාන ප්‍රදානෝත්සවය 2013.12.10 දින වයඹ පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි.

මේ අවස්ථාවට ප්‍රවීණ කලාකරුවන් වන ජනක් ප්‍රේමලාල්,බර්ටි නිහාල් සුසිරිපාල, රිචාඩ් වීරක්කොඩි යන මහත්වරුන්ද, ටෙලි නාට්‍ය හා චිත්‍රපටි අධ්‍යක්ෂ සිරි කුලරත්න මහතාද වයඹ රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රධානෝත්සවයට අමාත්‍යවරයා සමග එක්ව සිටියේය.

වයඹ රාජ්‍ය නාට්‍ය උළෙලේ තරග ප්‍රතිඵල

ළමා නාට්‍ය අංශය
වසරේ විශිෂ්ටතම නාට්‍ය - ජේ.ඒ.අයි.කේ.ජේ.මැණිකේ හා බී.එම්.ඒ.දිලානි ගේ ‘‘රූකඩ කුමාරි“
වසරේ විශිෂ්ටතම ළමා නිළිය - සචිනි ලක්ෂානී නවරත්න

කෙටි නාට්‍ය අංශය
වසරේ විශිෂ්ටතම නාට්‍ය - පී.අරුණ ප්‍රියන්තගේ ''මේඩ් ඉන් චයිනා"
වසරේ විශිෂ්ටතම නළුවා - අතුල උපජීව ජයසූරිය
වසරේ විශිෂ්ටතම නිළිය - ශෂිකා වික්‍රමසිංහ

දිගු නාට්‍ය අංශය
වසරේ විශිෂ්ටතම නාට්‍ය - උදය නිලන්තගේ ''සිමෙන්තියෙන් මතුවෙලා"
වසරේ විශිෂ්ටතම නළුවා - ළහිරු සම්පත්
වසරේ විශිෂ්ටතම නිළිය - නයනා ප්‍රියංගනී


සම්මාන උළෙලේ ඡායාරූප එකතුවක් පහතින් 


http://photo.gossip9lanka.co.uk/2013/12/2013.html
 
Top