සිනමාවට මාලනී වගේ ටීවී එකේ නිළි රැජිණ මමයි.. | Gossip lanka news Sinhala News Sinhala Cinema News

පසුගිය සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවකට එක්වූ නිල්මිණි තෙන්නකෝන් පවසා ඇත්තේ රිදී තිරයේ මාලනී මෙන් පුංචි තිරයේ නිළි රැජිණ තමා වන බවත් අනාගතයේ දේශපාලනයට එන්නට සූදානමින් සිටින බවත්ය.
වත්මන් ආණ්ඩුව බලයට පත් කරන්නට එක්වූ කලාකරුවන් අතර සිටි ඇය මේ වනවිට නුගේගොඩ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන අතර කාන්තා හා ළමා ප්‍රශ්න ගැන සාකච්ඡාවන රූපවාහිනී වැඩසටහනකටද දායකවී සීටී. ඇය දේශපාලනයට එන බව කීවත් සම්බන්ධවන්නේ කවර මැතිවරණයකටද යන්න තවම ප්‍රකාශ කර නැත.
ඇය මේ අදහස් පවසා සිටි ආකාරය පහත පරිදිය.

කාලයක් නිල්මිණි හිතාගෙන හිටියෙ පුංචි තිරයේ රැජිණ මමයි කියලා?
කාලයක් නෙමෙයි අදටත් මම සමහර උත්සව අවස්ථාවලට ගිහාම එහෙම හිතෙන වෙලාවල් තියනවා. තාමත් සිංහල සිනමාවෙ නිළි රැජිණ මාලනී ෆොන්සේකා කියල හඳුන්වා දෙනවා වගේම පුංචි තිරේ නිළි රැජිණ නිල්මිණි තෙන්නකෝන් කියලයි හඳුන්වන්නේ. තාමත් පුංචි තිරයේ ජනප්‍රියම නිළිය සම්මානය වැඩිම වාර ගණනක් ලබා ගත්තු නිළිය මමයි.

ආරාධනයක් ලැබුණොත් දේශපාලනයට එනවද?
මීට කලිනුත් මට ඒ වගේ ආරාධනා ලාබුනා. ඒත් මට ඒ වෙලාවෙදි මගේ දුව නිසා ඒවෙලාවෙදි ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න බැරි වුණා. ඒත් රටේ දිගින් දිගටම සිදුවෙන කාන්තා හා ළමා හිංසනයන් පෙනි පෙනී තවදුරටත් නිහඬව සිටිය යුතු නෑ කියලා මටත් හිතෙනවා. ඒ වෙනුවෙන් හඬක් නැගිය හැකියි කියන විශ්වාසය මට තියෙනවා. ඔව් අවස්ථාවක් ලැබුණොත් කාන්තාව වෙනුවෙන් හඬක් නගන්න දේශපාලන වේදිකාවට නගින්න මම ලෑස්තියි.

සාකච්ඡාව -ගාමිණී වාසලසූරිය
 
Top