පොදු රාජ්‍ය සමුළුවේ නිල චන්ද්‍රිකා සේවා සපයන්නා Globecast | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තව දින කිහිපයකින් ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ නිල චන්ද්‍රිකා මාධ්‍ය ආවරණ සපයන්නා ලෙස Globecast Africa ආයතනය තෝරාගන තිබේ.
එම ආයතනය විසින් සමුළුවේ සම්මන්ත්‍රණ හා අනෙකුත් වැදගත් අවස්ථා අප්ලින්ක් 5ක් ඔස්සේ චන්ද්‍රිකා හරහා මහද්වීප 5කට විකාශය කරයි.
එබැවින් සමුළුවේ HD සජීවී ආවරණය සඳහා විකාශය කරන සෑම මුල් විනාඩි 10 කට ඩොලර් 1,000 බැගින් Globecast ආයතනයට චන්ද්‍රිකා කුළිය ලෙස ගෙවිය යුතු අතර අමතර විනාඩි 5කට ඩොලර් 500 බැගින් ගෙවිය යුතුය.

මෙවැනි අප්ලින්ක් 5ක් සජීවී විකාශයන් සඳහා යොදාගැනේ. අනෙකුත් මිලගනන් මෙතනින් බලන්න.

මෙම සමුළුවේ මාධ්‍ය ආවරණය සඳහා පැමිණෙන දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් ගණන 1,000ක් පමණ බව ගණන් බලා ඇති අතර මෙම මාධ්‍ය ආවරණය සඳහා දැනට ගණන් බලා ඇති වියදම රු. මිලියන 975කි.

නමුත් සමුළුව අවසානයේදී මෙම මුදල බිලියනය ඉක්මවිය හැකි බවද පැවසේ.





 
Top