නිවසේ ඇතිකළ බල්ලාගේ ප්‍රහාරයෙන් සිව් හැවිරිදි දැරියක් මිය යයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

එංගලන්තයේ වාසය කල ලෙක්සි හඩ්සන් නැමති සිව් හැවිරිදි දැරියක් නිවසේ සුරලතලා ලෙස ඇති දැඩි කරනු ලැබූ බල්ලාගේ ප්‍රහාරයකයට ලක්වීමෙන් මරණයට පත් වූ පුවතක් වාර්තා වෙනවා.මෙම දැරිය මීට සති කිහිපයකට පෙර සුරතලෙකු ලෙස ඇති කිරීමට නිවසට කැඳවාගෙන ආ දැරියට වඩා ඛෙහෙවින් විශාල මෙම බල්ලා සමඟ සෙල්ලම් කරමින් සිටිය දී උගේ ප්‍රහාරයට ලක්වී ඇති අතර ඇගේ මවට සිය දියණිය බල්ලාගෙන් ගලවා ගැනීමට බල්ලාට පිහියකින් ඇන මරා දැමීමට සිදුවී ඇති බවද පැවසේ. මේ සම්බන්ධයෙන් එම නිවස අවට සිටි අසල්වැසියන් ප්‍රකාශ කර තිබුනේ මිය ගිය දැරියගේ තිස් හැවිරිදි මව ලෙයින් නැහැවුණු ශරීරයකින් යුක්තව
කෑගසමින් පාරට දිව යන ආකාරය ඔවුන් දුටු බවයි. ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලැබූ දැරිය අසල පිහිටි ක්වීන්ස් මෙඩිකල් සෙන්ටර් නැමති රෝහලට ගෙන ගොස් ඇති නමුත් රෝහලේ දී ඇය අවසන් සුසුම් හෙලා ඇත.

පවුලේ ඥාතීන් පවසන්නේ පුණ්‍යායතනයක සිට රැගෙන ආ මෙම බල්ලාගේ පෙර ස්වාමියා එම සත්වයාට තදින් හිරිහැර කර ඇති බව සහ දැරිය සමග සෙල්ලම් කරන අවස්ථාවේ දී නිවස ආසන්නයේ පත්තු කල මල් වෙඩි හඬින් බල්ලා බියට පත්වන්නට ඇති බවත් ඒ නිසාවෙන් දැරියව සපා කෑමට යොමු වන්නට ඇති බවත් ය.

සුනඛ පහරින් මියගිය දැරියගේ ඡායාරුප කිහිපයක් පහතින්. 






 
 
Top