පාසල් ගුරුවරිය ශිෂ්‍යයාගේ එකම කලිසමේ කකුල කපා දාලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමන්ට ඇති එකම කලිසමේ කකුල ගුරුවරිය කපලා

තමාහට ඇති එකම දිග කලිසම හිරට ඇඳගෙන පාසලට පැමිණි මිශ්‍ර පාසල් සිසුවකුහට දඬුවමක්‌ වශයෙන් එම සිසුවාගේ කලිසම් කකුල පහළ සිට ඉහළට කතුරකින් කපා දැමූ ගුරුවරියක් ගැන වැලිගම දෙනිපිටිය මහ විද්‍යාලයෙන් වාර්තා වෙනවා. එම ගුරුවරියකට එරෙහිව වැලිගම පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ.

පසුගිය සිකුරාදා (01දා)  විදුහල් ප්‍රධාන රැස්‌වීම පවතින අතරේ පාසලේ ගැහැනු ළමයින්ද සහභාගිවන උදෑසන ශරීර සුවතා වැඩසටහනේදී එම සිසුවාගේ කලිසම් කකුල කපා තිබෙනවා. 
මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ එම සිද්ධියට සම්බන්ධ එස්‌.එච්. අජිත් තිවංක සිසුවා මෙසේ පැවසුවා.

අපට සෞඛ්‍ය විෂය උගන්වන ගුරුතුමිය මගේ කලසමේ කකුල කතුරකින් කපලා අනිත් අයටත් පේන්න රැස්‌වීම ළඟින්ම යන්නය කීවා. මට එවෙලේ ලොකු ලඡ්ජාවක්‌ ඇතිවුණා. ඉන් පස්‌සේ විදුහල්පතිතුමා මට ගෙදර යන්න කීවා. මම ළමයි දීපු යතුරු කටු ගහගෙන එතැනින් ආවා.

ඉන්පසුව අදහස්‌ දැක්‌වූ එම සිසුවාගේ වැඩිමල් සොයුරිය ඩබ්.එම්. දීපිකා මහත්මිය(- මීට පෙර වතාවක්‌ අපේ මල්ලිගේ කලිසම කොටයි කියලා ඉස්‌කෝලෙන් දැනුම් දීලා ඒක දිග් කරගෙන ගියා. සිද්ධියෙන් පස්‌සේ ඉස්‌කෝලෙ අය වරදක්‌ වුණු බව පිළිගන්නා විදියට කතා කරලා තිබුණා. මේ බවක්‌ කලින් දැනුම් දුන්නානම් අපි පාසලට ගිහින් සොයා බලනවා. අපේ මල්ලීට එක කලිසමයි තියෙන්නේ. එයා පවුලේ බාලයා. මල්ලිට වැඩිමල් අක්‌කලා තුන් දෙනයි අයියයි ඉන්නේ. ඉන් දෙදෙනෙක්‌ විවාහකයි. අපේ අම්මා නංගිත් එක්‌ක වෙනමයි ඉන්නේ. එදා තවත් ළමයි තුන් හතර දෙනකුගේම කලිසම් කකුල් කපලා තිබුණත් මේ විදියේ දරුණුවට කපලා තිබුණේ නෑ. පස්‌සේ කලිසම පොලිසියට අරගෙන ගියා.

ඉන්පසුව අදහස්‌ දැක්‌වූ එම සිසුවාගේ පියා වන එස්‌.එච්. ජයරත්න මහතා මෙසේ පැවසුවා.

ළමයාගේ වරදක්‌ තිබුණා ඒක පුද්ගලිකව ළමයාට කීවත් නිවැරදි කරගන්නේ නැත්නම් ඉස්‌කෝලෙන් කරන්න තිබුණේ මේ වගේ පාසලයි ළමයයි දෙගොල්ලොම අපහසුතාවට පත් වෙන දඬුවමක්‌ නොදී විදුහල්පතිතුමා මැදිහත්වෙලා ළමයාගේ දෙමවුපියන් පාසලට කැඳවන එකයි. එහෙම උනානම් මේවා මේ වගේ දුර දිග යන්නේ නෑ.

ළමයා අඬාගෙන ගෙදර එනතුරු අපි මේ බවක්‌ දන්නේ නෑ. ළමයි වැරදි කරනවා. නමුත් ගුරුවරු කල්පනාවෙන් දඬුවම් කරන්න ඕනෑ. මම දිනපතා පිටිගෝනි බෑමේ රස්‌සාවයි කුලී වැඩ විදියට කරන්නේ. ඉන්පසුව අදහස්‌ දැක්‌වූ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී නිරෝෂා ප්‍රියන්තිකා මහත්මිය මෙසේ පැවැසුවා.

මෙම සිද්ධිය පිළිබඳව අප වෙත වාර්තා වී තිබෙනවා. ඒ පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම කරුණු විමසා බලා ඉදිරියේදී එවැනි තත්ත්වයක්‌ ඇති නොවීමට අවශ්‍ය මැදිහත්වීම ලබාදීමට කටයුතු කරනවා යනුවෙනි.

 
Top