ෂෙරිල් අම්මා කෙනෙක් වෙන කතාව බොරුවක්ලු | Gossip lanka news Sinhala News Sinhala Cinema News

අමා ටෙලිනාට්‍ය හරහා ජනප්‍රියත්වයට පත් ෂෙරිල් රොමේන් ඩෙකර් මවක් වීමට සූදානම් වන බවට කටකතාවක් පසුගිය දිනවල පැතිර ගියා. ඇය පවසන්නේ එය සත්‍යයක් නොවන බවයි. ඇය මේබව පවසා තිබුණේ සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

මේ සම්බන්ධයෙන් ෂෙරිල් පවසා ඇත්තේ තමා හා සැමියා වන ගායක රුවන් හෙට්ටිආරච්චි නවලෝක රෝහලට ගිය බවත්, එහි ගියේ බඩේ ලෙඩක් සදහා දොස්තර මහියා ගුණසේකර මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට බවයි.

තමා හා රුවන්ගේ මංගල්‍ය උත්සවයද ළගදීම ගන්නා බවද ඇය හෙලිකර තිබේ.

එය විශාල එකක් නොවන බවත්, ලොකු වියදමක් දරා උත්සව පවත්වන්නට රුවන් මෙන්ම තමාද කැමැති නැතැයි ඇය පවසා ඇත.

 
Top