සිද්ධිය වුණේ දෙල්කඳ හන්දියේදී
ගයාත්‍රි ඩයස් ගැන මේ දිනවල ගොඩක් කතාබහ වෙනවා. ඒ හේතු දෙකක් නිසා. එකක් ගයාත්‍රි රිය අනතුරකට භාජනය වුණු පුද්ගලයකුට උපකාර කිරීම සහ ඇය චන්න පෙරේරාගෙන් දික්කසාද වෙලා කියන මාතෘකා ගැන. මේ කාරණා දෙක ගැන ඇය පුවත් පතකට පවසා තිබෙන්නේ පසුගිය දිනවල පලවුණ ගොසිප් ගොඩක් බොරු බවයි. ඇයගෙන් දික්කසාදය ගැන ඇසූ විට ඇය පවසා ඇත්තේ ඒ හැම දෙයක්ම බොරු. ඇත්තටම මං ඒ ගැන කතා කරන්න කැමැති නැහැ. ඒ ගැන මෙතැනින් එහාට මගෙන් මුකුත් අහන්නත් එපා කියලයි.
ඇය පුවත්පතට පල කළ අදහස් පහතින්
ගයාත්‍රි මේ දවස්වල මිරිහාන පොලිසියේ පැත්තේ යනවා කියලා ආරංචියි?
හැමදාම ගියේ නැහැ. එක දවසක් ගියා කටඋත්තරයක් දෙන්න.
වැරැද්දක්වත් කළාද?
අනේ නැහැ. මේ රිය අනතුරක් සම්බන්ධව තමයි කටඋත්තරේ දුන්නේ.
ආ.. ඔය කතාව ගැන කටකතා ගොඩක් තිබුණා නේද?
ඔව් තිබුණා තමයි. ඒ වගේ තිබුණ ගොසිප් ගොඩක් ඒවා බොරු. නුගේගොඩ දෙල්කඳ හන්දියේදී තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. හැබැයි ගොසිප්වල තිබුණේ උඩහමුල්ලේ, ගංගොඩවිල වගේ එක එක තැන්.
මොකක්ද ඉතින් ඇත්ත කතාව?
මම මගේ ලොකු දුවත් එක්ක උපන් දින සාදයකට සහභාගිවෙලා රාත්‍රී 11.30ට විතර දෙල්කඳ හන්දිය පහු කරගෙන එද්දී ගොඩක් මිනිස්සු පාරේ හිටියා. එයාලා වාහන නතර කරන්න උපරිම මහන්සි ගත්තත් එක වාහනයක්වත් නැවැත්තුවේ නැහැ. මම එතැනින් යද්දී මනුස්සයෙක් වාහනේකට හැප්පිලා ලේ පෙරාගෙන ඉන්නවා දැක්කා.
ඉතින් ඔයා වාහනේ නතර කළාද?
ඔව්. මට එතැනින් මග හැරලා යන්න බැරිවුණා. මම වාහනේ නවත්තලා ඇහැව්වා මොකද වුණේ? රෝහලකට එක්කන් යන්නේ නැද්ද කියලා. එතකොට එතැන හිටපු මනුස්සයෙක් කිව්වා අපි වාහන නවත්තන්න හැදුවා, ඒත් එකම වාහනයක්වත් නතර කළේ නැහැ කියලා. මට ඒ මනුස්සයාව තනියෙන් වාහනේට දාගන්න බැරි නිසා මම එතැන ඉන්න අයගෙන් උදව් ඉල්ලුවා. ඒ වෙලාවේදී මම එතැන ඉන්නවා දැකලා නාලක අධිකාරිත් ආවා. එයාට මම කිව්වා මගේ වාහනේ පිටිපස්සෙන් කළුබෝවිල රෝහලට යනකන් එන්න කියලා.
මේ වගේ දේකට අත දැම්මාම අනවශ්‍ය කරදර එනවා කියලා හිතුණේ නැද්ද?
නැහැ. මොකද මම මේ වගේ අත්දැකීම්වලට කලින් මූණ දීලා නැහැ. කොහොම වුණත් ඒ මනුස්සයාව රෝහලකට ගෙනියන්න කවුරුත් කටයුතු නොකළේ මේ ප්‍රශ්නවලට ගෑවිලා පොලිසි, උසාවි ගානේ යන්න වෙයි කියලා බයටයි. ලේ ගෑවෙයි කියන එකටයි වෙන්න ඇති.
ඉතින් ඔයාටත් පොලිසි ගානේ යන්න වුණානේ?
ඔව්. එදා රෝහලේදී මගේ ලයිසන් එක පොලිසිය ඉල්ලුවා. මගෙන් ප්‍රශ්න කළා. ඒත් මාත් එක්ක හිටපු අනික් අය තමයි මාව බේරාගත්තේ. පොලිසිය හිතුවේ මගේ වාහනයට හැප්පුණා කියලා.
මේ හැප්පුණ පුද්ගලයා ගැන පස්සේ ඔයා හොයලා බැලුවාද?
ඔව්. කොහොම හරි එයාව මම රෝහල්ගත කරලා විනාඩි පහකින් එයා මැරිලා. එයාගේ නම චන්දන. පස්සේ හොයලා බැලුවාම චන්දනගේ බිරිඳට දරුවා ලැබිලා තියෙන්නේ චන්දන මැරෙන්න දවස් පහකට කලින්. එයා රැකියාව කරන්නේ මිරිහාන පොලිසියේ කියලත් දැන ගත්තා.
මිරිහාන පොලිසියෙන් මේ ගැන ඔයාට මොනවාද කියන්නේ?
එයාලා මට ස්තූති කරලා ලියුමක් එවල තිබුණා.
මේ ළඟදී ඔයා දික්කසාද වුණා කියලත් ආරංචියක් ආවා?
ඕවා පතුරන අයගෙන්ම තමයි ඒ ගැන අහන්න වෙන්නේ. ඒ හැම දෙයක්ම බොරු. ඇත්තටම මං ඒ ගැන කතා කරන්න කැමැති නැහැ. ඒ ගැන මෙතැනින් එහාට මගෙන් මුකුත් අහන්නත් එපා.
ඉමල්කා ගුණවර්ධන