පසුගියදා රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්වුණු 2013 විශ්ව රූ රැජිණ කිරුළ ජයග්රහණය කළේ වෙනිසියුලාවෙන් පැමිණි ගැබ්රියලා ඉස්ලර් නමැති තරගකාරියයි.
ඇයට සාම්ප්රදායිකව කිරුළ පිරිනැමීම සිදු කළේ පසුගිය වසරේ එම කිරුළ ජයගත්
ඇමෙරිකාවේ ඔලිවියා කුල්පෝ විසිනි.
ජයග්රාහී මොහොතේ කිරුළ හිස මත රඳවා මිස් යුනිවර්ස් ලේබලය සහිත පටිය ඇගේ සිරුරේ රඳවන්නට ගිය අවස්ථාවේ එය කිරුළේ පැටලී කිරුළ බිමට වැටෙන්නට ගියා. නමුත් කෙසේ හෝ එක්වරම එය අල්ලාගන්නටත් හිටපු ඇමරිකානු රූපසුන්දරියට හැකිවුණා. ඇය නැවතත් කිරුළ හිසේ රැඳෙව්වා.
මෙවර කිරුළ ජයගත් ගැබ්රියලා ඉස්ලර්ට
වයස 25 කි. ඇය වෙනිසියුලාවේ ජනප්රිය රූපවාහිනී නිවේදිකාවක වන අතර නාටිකාංගනාවක ලෙසද
ප්රසිද්ධියක් උසුලනවා.
එසේම මෙවර විශ්ව රූ රැජන තරගය සඳහා තරගකාරියන් 86 දෙනකු ඉදිරිපත්ව සිටියහ.
ස්පාඤ්ඤ රූ රැජන දෙවන තැනට හා ඉක්වදෝර රූ රැජන මෙහිදී තෙවන ස්ථානයට පත්විය.
ලංකාව නියෝජනය කරමින් මෙවර විශ්ව රූ රැජිණ තරගය සඳහා රුසියාවට ගියේ අමන්දා රත්නායකයි. ඇයට මෙම උත්සවයේ කිසිදු තරග වටයක ජයග්රහණයක් අත්කරගන්නට බැරිව ගියා.
ඔටුන්න හැලෙන දර්ශනයේ වීඩියෝව පහතින්
Home
»
»Unlabelled
» මිස් යුනිවර්ස් කිරුළ දාද්දි හැලිලා