සිංහල සිනමාවේ සක්විති ලෙස ගෞරවාදරයට පාත්රවූ අග්‍රගණ්‍ය රංගධර අභාවප්‍රාප්ත ගාමිණී පොන්සේකා මහතාගේ භාර්යාව වූ සුමිත්‍රා පොන්සේකා මහත්මිය ඊයේ (11 වැනිදා) මෙලොවින් සමුගත්තා.
ශ්‍රී 296 චිත්‍රපටයේ නළඟනක ලෙස රඟමින් එදා සිනමාවටද පිවිසි සුමිත්‍රා ගාමිණී පසු කලක අධ්‍යක්ෂණය කළ ආරියරත්න පෙරේරා නිෂ්පාදනය කළ 'උතුමාණනි' චිත්‍රපටයේ කෙටි චරිතයක රඟපා සිනමාවට සමු දුන්නා.
ගාමිණී සිනමාවට ප්‍රවිෂ්ට කරලීම සඳහා ඔහුව ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස් සිනමාවේදියා වෙත යොමු කරලූ ප්‍රේමනාත් මොරායස් විසින් අධ්‍යක්ෂණය කළ ‘‘ශ්‍රී 296‘‘ චිත්‍රපටය 1959 මැයි 20 වැනිදා මුල් වරට තිරගත විය. ජෝ අබේවික්‍රම, පුණ්‍යා හීන්දෙනිය, හෙන්රි ජයසේන, කිංස්ලි රාජපක්ෂ ඇතුළු පිරිසක්
එහි සෙසු චරිත නිරූපනය කළහ. සුමිත්‍රාගේ ගම වත්තල ප්රදේශයයි. 1938 ජනවාරි 28 වැනිදා උපත ලැබූ ඇය වත්තල සාන්ත ආනා හා මොරටුව අප ස්වාමි දුවගේ කන්යාරාමයේද ඉගෙනුම ලැබුවාය. සුමිත්‍රා හා ගාමිණී හමුවද එදා දෛවෝපගත ලෙස සිදුවූ අපූර්ව මුණ ගැසීමකි. වැල්ලවත්ත ප්‍රදේශයේ තම පවුලේ හිතවතකුගේ නත්තල් සාදයකදී ගාමිණී ඇයට මුල් වරට හමුවී තිබේ. එම පවුලේ හිතවතා ගාමිණී ගේත් හිතවතකු විය. එදා මුල් වරට සුමිත්‍රා දුටු ගාමිණී ඒ වන විට ලොව ප්‍රකට සිනමාකරු ඩේවිඩ් ලීන් ගේ ‘‘බ්‍රිඡ් ඔන් ද රිවර් ක්වායි“ (ක්වායි ගඟේ පාලම) ජාත්‍යන්තර චිත්‍රපටයේ සහාය අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටි වකවානුවය. සුමිත්‍රා ඒ වන විට ප්‍රකට නර්තන ශිල්පී හා සිනමා නළු හා අධ්යක්ෂ ශේෂා පලිහක්කාර (රන්මුතු දුව, සාරවිට ඇතුළු චිත්‍රපට රැසක් නිපදවූ) නැටුම් පන්තියට යමින් නැටුම් කලාව හදාරමින් සිට තිබේ. ගාමිණී තම මිත්‍ර ශේෂාට තම සිත්ගත් යුවතිය ගැන පැවසූ විට ශේෂා ඔහුට ඇය මුණ ගැසීමට පසුබිම සැකසූ හැටි සුමිත්‍රා පසු කළෙක මාධ්‍යවේදී ඒ. ඩී. රංජිත් කුමාරයන් සමග ලියූ ග්‍රන්ථයක ලිපියක් සඳහා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පළ කර තිබිණි.
ඩෝරති මාග්‍රට් වැලන්සියා සුමිත්‍රාගේ මුල් නමයි. ‘‘ටීනා“ යන ආදර නමින් ඇය කා අතරත් එදා ජනප්‍රියව සිටියාය. ඇය රඟපෑ ශ්‍රී 296 චිත්‍රපටයේ රඟපෑ පිරිස එක්ව ‘‘සුමිත්‍රා“ යන නම ඇයට තැබීමට තීරණයකට එළැඹිනි. අනතුරුව 'සුමිත්‍රා' ඉතා චාම් ලෙස පැවැත්වූ විවාහ මංගල්‍යයකදී 1963 පෙබරවාරි 21 වැනිදා ගාමිණී හා විවාහ විය.
ශ්‍රී ලාංකීය සිනමාවේ විශිෂ්ටතම රංගධරයකු ලෙස ගාමිණී තම ප්‍රතිභාව මෙරට සිනමාවේ පෝෂණය තකා දායාද කරද්දි ඔහුගේ ජීවිතයට යෝධ සෙවනැල්ල වෙමින් ළබැඳි ආදරයෙන් සහය දුන්නේ බිරිඳ සුමිත්රායි. ජීවිතයේ බාධක කම්කටොලු මැද නොසැලී සිටින්නට ඇය තුළ වූයේ මහත් ආත්ම ධෛර්යයකි. zජීවිතය යනු හැල හැප්පිලි එන යන තැනක් ඒත් හැම දෙයකටම මුහුණ දෙන්නටම අප දෙදෙනටම ඉවසීම තිබුණා. ගාමිණීට මා තුළත් දරුවන් සිවුදෙනා තුළත් තිබුණු ආදරය මියයන තුරුම තිබුණා. ගාමිණී සෘජුව අදහස් පළ කළ ගෞරවාන්විතව තම වෘත්තිය ජීවිතය ගත කළ කෙනෙක්. ඔහු හැම දෙයක් මැදම දරුවන් හා මම වෙනුවෙන් ස්වාමියකු හා පියකු ලෙස යුතුකම් ඉටු කළා. ගාමිණී හා සුමිත්‍රා යුවළට දරුවන් සිවුදෙනෙකි. වැඩිමහල් දියණිය චමිලා, වසන්ත ජයසූරිය සමග විවාහවී සිටී. දෙවැනි දියණිය තනුජා විවාහ වූයේ ගාමිණී අධ්‍යක්ෂණය කළ සාගරයක් මැද චිත්‍රපටය එදා නිපදවූ අද ටෙලි නාට්‍ය නිෂ්පාදක අධ්යක්ෂ ආනන්ද අබේනායකයන් සමගය. පුත් දමිත් වින්ධ්‍යා සමග විවාහවී සිටී. බාල දියණිය ඉෂාරා, ප්‍රභාත් හර්ෂ කුමාර සමග විවාහවී සිටී. දරු මුණුබුරු මිණිබිරියන් දස දෙනකුගේ මිත්තණිය වූ සුමිත්‍රා දරුවන්ට මවකගෙන් විය යුතු හැම යුතුකමක්ම ඉටු කළේ දිරිය මවක ලෙසිනි. ඇය මියයන විට 75 වැනි වියේ පසු වූවාය. ගාමිණී රඟපෑ මුල්ම චිත්‍රපටය 'දෛවයෝගයයි'. දෛවයෝගයකින් ගාමිණී හා සුමිත්‍රා එදා හමුවිය. අප කාටත් උරුම දෛවෝපගත ඉරණම අනුව සුමිත්රාද ඊයේ නික්ම ගියාය.
රත්මලාන සිරිමල් උයනේ පිහිටි නිවසේ සුමිත්‍රා ෆොන්සේකා මහත්මියගේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බ්‍රහස්පතින්දා සවස 4.00 ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
Home
»
»Unlabelled
» සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ බිරිඳ අභවප්‍රාප්ත වෙයි