පාදුක්ක, උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. මෙම අසම්මත ප්‍රේම සම්බන්ධතාවය මියගිය අයගේ සැමියාට අසුවීමෙන් පසු ඔහු පරිගනක යන්ත්‍රය පොලොවේ ගසා කඩා බිඳ දමා සිද්ධිය පිළිබඳ පාදුක්ක පොලිසියට පැමිණිලි කර තිබේ.
අනතුරුව සැමියා විසින් මිය ගිය කාන්තාව කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ඇයගේ දෙමව්පියන් වෙත භාරදී ඇත. නමුත් තුන් හැවිරිදි දරුවා කෙරෙහි අනුකම්පාවෙන් සැමියා යළිත් මෙම කාන්තාව පාදුක්ක, ගලගෙදර නිවසට කැඳවාගෙන පැමිණ තිබේ.
ඒ අතරතුර මියගිය කාන්තාව ෆේස් බුක් මගින් පෙම්වතා සමග යළිත් සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති අතර පෙම්වතා විසින් ඇයගේ ප්‍රයෝජනයට ජංගම දුරකථනයක්ද තෑගි කර තිබේ. ඒ මගින් විවාහක සැමියාට හොරෙන් දෙදනොම කෙටිපණිවිඩ හරහා යළි සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත. පසුගිය 10 වන දින උදෑසන පෙම්වතාට නොදන්වා මියගිය කාන්තාව නුගේගොඩ සාප්පු සවාරියක ගොස් ඇති අතර එය සැලවීමෙන් උරණ වූ පෙම්වතා ජංගම දුරකථනය හරහා එස්.එම්.එස්. මගින් බැණ වැදීම නිසා සිත් තැවුලට පත් වූ කාන්තාව නියිලෝන් කඹයක ආධාරයෙන් බාල්කයක එල්ලී සියදිවි හානිකර ගෙන තිබේ.