බිරිඳකගේ නිරුවත පෙන්වා සැමියාගෙන් කප්පම් ඉල්ලලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News


කාන්තාවකගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයේ ප්‍රදර්ශනය කර ඇගේ සැමියාගෙන් රුපියල් ලක්ෂ පහ හමාරක කප්පමක් ලබා ගැනීමට උත්සාහ කළ කාන්තාවක් (38) සහ ඇයගේ සොයුරකු වන තරුණයෙක් (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අළුත්ගමදී අත්අඩංගුවට ගනු ලැබ, කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (11) රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී සඳහන් කළේ, ඔවුන් දෙදෙනා කළුතර ප්‍රදේශයේ හඳහන් බැලීමට ප්‍රසිද්ධියක් උසුලන

අයකුගේ නිවසට ගොස් අදාළ කාන්තාව සමග මිත්‍රත්වයක් ගොඩ නගා ගෙන ඇති බව ය.‍

මෙම හමුවෙන් පසු එම පවුල් දෙක අතර සමීප ගොඩනැගී ඇති අතර, පසු ව අදාළ තරුණයා නිවසේ හඳහන් බලන්නාගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් ගොඩ නගා ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

22 හැවිරිදි එම තරුණයා, හඳහන් බලන්නා ගේ බිරිඳ (52) සමග ලිංගික ඇසුරක් පවත්වා ඇති බවත් එම හැසිරීම් රූගත කර ඇති බවත් පොලීසිය පැවසීය.

මේ අතර පෙර සඳහන් කල කාන්තාවගේ සැමියා (24) ද ලංකාවට පැමිණ ඇති අතර ඔහුද හඳහන් බලන්නාගේ බිරිඳ සමග ලිංගික සම්බන්ධතාවයක් පවත්වා තිබේ. එසේ ලිංගිකව එක්වන අවස්ථාද 'අයි ෆෝන්' කැමරාවක් ඇසුරෙන් රුගතකර ඇත.

එම ලිංගික දර්ශන ඉන්ටර්නෙට් ඔස්සේ ප්‍රදර්ශනය කර කාන්තාවගේ සැමියාගෙන් රුපියල් ලක්ෂ පහ හමාරක කප්පමක් ලබා ගැනීමට යාමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරු සහ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

හඳහන් බලන්නාගේ බිරිඳ ලිංගිකව එක්වන දර්ශන වරින් වර පෙන්වා මිට ඉහත අවස්ථා කිහිපයකදීද රුපියල් 50,000 බැගින් මුදල් තිබෙන බව අධිකරණයේදී අනාවරණයවිය. හඳහන් බලන්නා මේ පිලිබන්දව අපරාධ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ, කප්පම් ඉල්ලීමෙන් බේරීමට බැරිම වූ අවස්ථාවේදීය.
 
Top