පාරිභෝගිකයින් කළ පැමිණිලි අනුව කියැවුනේ දිවයිනේ නමගිය සුපිරි වෙළෙඳ සැල් ජාලා වල තමන් මිලට ගන්නට යන කිරි පිටි විකුණන්නට දමා නැති බවයි.
ඒ අනුව පාරිභෝගිකයින්ට සිදුව ඇත්තේ තමන් ගන්නට යන පිටි වර්ග වෙනුවට විකල්ප ලෙස වෙනත්
ඒවා මිලට ගන්නටය.
පසුගිය කාලයේ මතුවූ ඩීසීඩී ප්‍රශ්නය නිසා
විකුණාගන්නට බැරිවූ ෆොන්ටේරා තොග(ඇන්කර් සහ රත්තී) හිස් කරන අටියෙන් ඒවා කල් ඉකුත්වන්නට පෙර විකුණාගැනීමට බොහෝ සුපිරි වෙළෙඳසැල්වල රාක්ක වල එම පිටි පැකට් පමණක් අසුරා තිඛෙන බවත් අනෙක් වර්ග වල පිටි පැකට් තොග තාවකාලිකව නවතා ඇති බවත්ය. ඒ අනුව පෙනීයන්නේ මෙම හිඟය කෘතිමව නිර්මාණය කර ඇති එකක් බවය.
වෙළඳපොළ තුළ කිරිපිටි හිඟයක් පවතින බවට පැමිණිලි මත විමර්ශනයක් ආරම්භ කර ඇති අමාත්‍යංශය මිල්කෝ සමාගමේ හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය ගැන කළ විමසීමේදී ඔවුන්ගේ නිෂ්පාදනයේ කිසිදු අඩුවක් කර නැති බව පවසා තිඛෙනවා.
අමාත්‍යංශ විමර්ශනය අනුව කිරිපිටි ගබඩා පරීක්ෂාවට ලක්කර අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිඛෙනවා.