සිගරැට් බොන්න සල්ලි නොදුන්නැයි කඨින පිංකමේ දී පාසල් සිසුවාට පහර දීලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ගමේ විහාරස්‌ථානයේ කඨින චීවර පෙරහැරේ ගමන් ගත් ගම්පොළ බෞද්ධ විද්‍යාලයේ 9 වැනි වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට තිදෙනකු විසින් අමානුෂික අයුරින් පහර දී දින 3 ක්‌ පුරා ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියද කිසිම අයෙකු මෙතෙක්‌ නිසි පරීක්‍ෂණයක්‌ සිදු කර නැතැයි එම සිසුවාගේ පියා වන ගම්පොළ අංගම්මන පදිංචි කේ. එම්. රත්නායක මහතා පවසනවා.

10 වැනි දා රාත්‍රි කාලයේදී ගමන් කොට ඇති මෙම කඨින පෙරහැර අතරතුරදී මෙම සිසුවාට මේ පිරිස පහරදීමෙන් පසු එහි සිටි අය වහාම අසාධ්‍ය වූ සිසුවා ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එදිනම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසියට පැමිණිලි කළ බවද අත්නායක මහතා සඳහන් කළා.

පහර දී ඇති අය හඳුනාගෙන ඇති අතර ඔවුන්ද ගම්පොළ බෞද්ධ විද්‍යාලයේ 11 වසර සිසුන් දෙදෙනකු හා වැවතැන්න පාසලේ සිසුවකු බව මේ පියා සඳහන් කරයි. පාසලේදී තම පුතාගෙන් සිගරට්‌ බීම සඳහා මෙම සිසුන් නිතරම මුදල් ඉල්ලා පහර දෙන බවත්, ඒ ලෙස මෙම පෙරහැරේදීද කරදර කොට පහර දී ඇති බවත් සඳහන් කරයි. පහර කෑමට ලක්‌වූ සිසුවාගේ මුහුණ ඉදිමී ඇති අතර බඩට පහරදීම නිසා මුත්‍රා කිරීමට අපහසුතා ඇති බවට මෙම සිසුවා වන පුබුදු කුමාර රත්නායක සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසියෙන් කළ විමසීමකදී මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ සිදුකරන බවද සඳහන් කළේය. ගම්පොළ නගර සභාවේ සේවකයකු වන මෙම පියා සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ ඉල්ලා සිටී.
 
Top