ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා තමන් කුකුලෙකු බව පසුගියදා ජන හමුවක් අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.
"ඔය ගොල්ලන්ට ලීටර් දහයේ කිරි කෑන් එකක් හම්බ වෙනවා. තව කුකුල් පැටව් හම්බ වෙනවා. කුකුල් නෙවෙයි කිකිලියෝ. කුකුල් කිව්වම මගේ මොඩල් එකේනේ....."
මීට පෙර ඔහු විසින් පවසා තිබුනේ සිකුරා ඉන්නේ ඔහුගේ නලලේ බවත්, ඔහු ජීවත් වෙන්නේ සිකුරා සමඟ බවත්, කාන්තාවන් ඔහුට ලෙංගතුයි බවත්ය
තවත් වරකදී ඔහු ප්‍රකාශ කර තිබුනේ
ඔහු වැරදි වැඩක් නම් කරලා තිබෙන බවත්, ඔහුට මනමාලකම තිබෙන බවත් වැඩිය කතා කරන්න ගියොත් තව මොනවා මොනවා කියවෙයිද දන්නේ නැති බවත්ය
තවත් වරකදී ඔහු රෝසි සේනානායකට පැවසුවේ රෝසි සේනානායක දැක්කම ඇමති වෙල්ගමට ඇතිවෙනදේ නිම කරන්න බැරි බවත්, ගිය බ්‍රහස්පතින්දත් පාර්ලිමේන්තුවට එන්න බැරි වුනේ රෝසි වගේම වගේම කෙනෙක් නිසා බවත්ය.
පාර්ලිමේන්තුවේදී රෝසි සේනානායක හා ඇමති වෙල්ගම අතර වූ මෙම කතබහට අන්තර්ජාතික වශයෙන් විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර දේශපාලනයේදී ලිංගිකත්වය ඈඳාගැණුනු ලොව හොඳම උදාහරන 10 ඇතුලට එම සිදුවීමද ඇතුලත් වුණා.
කුමාර වෙල්ගම : මම පාර්ලිමේතු ඇවිල්ල අවරුදු 19 ක් වෙනවා. අද තමයි මම ඉතාමත්ම සන්තෝස වෙන දවස. මේ වගේ රූමත් නෝනා මහත්මියෙක් මගෙන් ප්‍රශ්න අහනවට මම අද ගොඩාක් සන්තෝස වෙනවා..ඔබතුමිය ගිය බ්‍රහස්පතින්දත් අහලා තිබුනා. නමුත් නොවැලැක්විය හේතුවක් නිසා, ඔබ තුමිය වගේම කෙනෙක් නිසා මට එන්න බැරි වුනා.
රෝසි සේනානායක : බොහොම ස්තුතියි..එහෙනම් සන්තොසෙන්ම පිළිතුරු දෙමු...
කුමාර වෙල්ගම : පොඩ්ඩක් ඉන්න මාව තාම වෙව්ලනවා වගේ...දැන් මට කතාකරගන්නත් බැහැ
රෝසි සේනායක : වචන පටලවගන්න එපා..
කුමාර වෙල්ගම : වචන පැටලෙනවා ඔබතුමිය දැක්කම. මම බලන්නේ කෙලින්ම ඔයාගේ මුහුන දිහා. නියෝජ්‍ය කතානායකතුමාගේ මුනුණ දිහාවත් බලන්නේ නෑ
කුමාර වෙල්ගම : මෙතුමිය දැක්කම මට ඇතිවනදේ කියලා නිම කරන්න බෑ. පොඩ්ඩක් එළියට ආවොත් මම කියන්නම්.
Home
»
»Unlabelled
» ඇමති වෙල්ගමගේ මනමාල කතා