පසුගියදා ඉගිළෙන මාළුවෝ චිත්රපටයේ නිරුවත් රංගනයක නිරතවීම නිසා ආන්දෝලනයක් ඇති කළ චිත්රපට නිළි ගයේෂා පෙරේරා අභියෝගාත්මකව නිරූපණය කළ එම චරිතය ගැන ඔව් මං නේකඩ් සීන්ස් ඇක්ට් කළා තමයි කියමින් සිරස නාලිකාව සමග කතා කර තිබුණා.
පසුව ඒ සිරස සාකච්ඡාව වෙබ් අඩවි ඔස්සේ ප්රචාරය වීම ගැන ඇයට තිබුනේ කණස්සල්ලක්.
එම චිත්රපටය පිළිබඳ පුවත්පත් ලිපියක් ලියාගන්නට නැවතත් ගයේෂාව සරසවිය පුවත්පතෙන් පසුගිය දිනෙක අමතා තිඛෙනවා. නමුත් ඒ ඇමතුම දුර දිග යන්නටත් ඉඩ නොදී ගයේෂා බායි කියා රිසීවරය තැබූ බව වාර්තා වනවා.
ඒ දුරකථන ඇමතුම සරසවිය පත්තරේ සටහන් කර තිඛෙන්නේ මේ විදිහටයි.
හෙලෝ ගයේෂා?
ඔව්, කතා කරනවා.
සරසවිය පත්තරෙන් කතා කරන්නේ.
ආ . . . කියන්න.
අපි මේ කතා කළේ ෆ්ලයිං ෆිෂ් . . .
මේ මේ මේ ෆ්ලයිං ෆිෂ් ඇරෙන්න ඕන දෙයක් ගැන අහන්න.
නෑ, මේ කතා කළේ ෆ්ලයිං ෆිෂ් . . .
මම දැන් සැරයක් කිව්වනේ, මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ. ප්ලීස් ඒ ගැන අහන්න එපා.
එහෙනම් අපි ඒ ගැන කතා නොකර . . .
ඒත් එපා. කොහෙන් කතාව පටන් ගත්තත් ඔයාලා අවසානයේ නතර වෙන්නේ ෆ්ලයිං ෆිෂ් ගාවනේ. ඒක නිසා මේ කතාව මෙහෙම්ම නවත්වමු.... බායි.
එහෙම කියලා ගයේෂා ෆෝන් එක තිබ්බා. තමන් කැමැත්තෙන් රඟපෑ චරිතයක් ගැන ඇය කතා කරන්නට අකැමැති ඇයි ද යන්න අපට ගැටළුවක් වුණා.
Home
»
»Unlabelled
» ෆ්ලයින් ෆිෂ් ගැනද අහන්නේ..? එහෙනම් කතාව නවත්වමු....බායි - ගයේෂා