අනේ මාමේ අපේ තාත්තා වීදුරුවකට කැපිලා වගේ ‍ලේ ගොඩක් මැද වැටිලා ඉන්නවා බේරලා දෙන්න | Gossip lanka news Sinhala News Sinhala Cinema News

පොලූ‍ පහරේ වේදනාවෙන් හඬමින් දඟලන දුලන යසින්ත (02) පුංචි පුතුගේ හඬින් අවදිවූ වැඩිමහල් සොහොයුරා සිය තාත්තා ‍ලේ විලක් මැද ඇඳ පාමුල වැටී සිටිනු දැක භීතියටත්, දුකටත් පත්ව පහළ ගෙදරට දුවගොස් කීවේ අනේ මාමේ අපේ තාත්තා වීදුරුවකට වගේ කැපිලා ‍ලේ ගොඩක් මැද වැටිලා ඉන්නවා බේරලා දෙන ලෙසයි.
මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ ‍පොලිස් කොස්තාපල් (4930) සුනිල් (33) හා ඔහුගේ බිරිඳ වූ අප්සරා සඳමාලි (30) යුවලගේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අසන්න ලැබුණු එම ඛේදජනක පුවතින් ඉකුත් 16 දා රාත්‍රිය කඹුරුපිටිය මාස්මුල්ල ප්‍රදේශයම භීතියෙන් හා ශෝකයෙන් ඇලලී ගොස් තිබුණා. සිය පෞද්ගලික ජීවිතයට වඩා

රාජකාරිය උසස් කොට සැලකූ ‍පොලිස් නිලධාරියකු සිය බිරිඳ සමග මෙසේ සහාසිකයන්ගේ ‍පොලූ‍ මුගුරු හා තියුණු ආයුධ ප්‍රහාරයකින් ජීවිතයෙන් සමුගනිද්දී ඔවුන් සමග එකම ඇඳේ නිදාගෙන සිටි දුලන යසින්ත පුංචි පුතාද සහාසිකයන්ගේ ප්‍රහාරයෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරතව සිටී.

ඝාතකයන්ගේ ප්‍රහාරය සිය මවට, පියාට මෙන්ම පුංචි මල්ලිට ද එල්ලවද්දී එම ඇඳේම නිදා සිටි සුනිල්ගේ 6 හැවිරිදි පුතු ඇඳ ඇතිරිල්‍ලේ එතී බිත්තිය දෙසින් නිදාසිටි නිසාදෝ දේව හාස්කමකට මෙන් දිවි බේරී ඇති අතර එම දරුවාගේ කෑ ගැසීමෙන් අවට වැසියන් පැමිණ සුනිල්, අප්සරා හා දුලන කඹුරුපිටිය රෝහලට ගෙන ගිය ද සුනිල් එහිදී මිය යද්දී අප්සරා හා දුලන පුතු කරාපිටිය ශික්ෂණ රෝහලට වහා මාරුකර යැවුවද අප්සරා ද ජීවිතයෙන් සමුගතේය.

හෙරොයින්, ගංජා, හොර සල්ලි භාවිත කරන සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ද ඉහළ දායකත්වයක්, කැපවීමක් දැක්වූ සුනිල් සේවයේ නිරතව සිට 16 දා සවස නිවසට පැමිණ ඇති අතර මෙම සාහසික ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ කඹුරුපිටිය, මාස්මුල්ල අංක 2 නිවසේ නිදා සිටියදී රාත්‍රී 9.30 - 10.00 අතර කාලයේදී බව ‍පොලිසිය පවසයි.

දූෂණ මර්දන ඒකකයේ සේවය කරමින් තම පෞද්ගලික හිතවත්කම්වලට වඩා සමාජ යහපත වඩා ඉහළ කොට සලකා වැඩ කිරීම වෙනුවෙන් ප්‍රදේශයේ ඇතැම් අයගේ දෝෂදර්ශනයට ලක්ව තිබුණත් සුනිල්ට එය මහා ප්‍රශ්නයක් වූයේ නැත. මත්ද්‍රව්‍ය ලෝලීන් ඇතැම්විටක සුනිල් සමග ගැටුම් ඇතිකර ගත්තද තනිව ඊට කිසිදු බියකින් තොරව මුහුණ දුන්නේය. එවන් තත්ත්වයක් හමුවේ හා දකුණේ විශාලතම කුඩු තොගය ඇල්ලීමේ ක්‍රියාවෙන් පසු සුනිල්ගේ ජීවිතයට අනතුරක් වේදෝ යන සැකය නිසා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලබා සිටි සොහොයුරන් නිතර කීවේ මාතරින් කාමරයක් අරගෙන බිරිඳ හා දරුවන් සමග එහි පදිංචියට යන ලෙසයි. එසේ නොමැති නම් හොඳ ආරක්ෂක පරිසරයක් නිවසේ සකසා ගන්නා ලෙසද ඔවුන් දන්වා සිටිය ද සුනිල් එය එතරම් ගණනකට නොගෙන තම කටයුතු කරගෙන ගියේ ඔහු තුළ වූ එඩිතරබව නිසාය.

ඔය අතර ප්‍රදේශයේ සූදු පිටියක් හොර සල්ලි යොදා පවත්වාගෙන ගිය පුද්ගලයෙක් හා සුනිල් අතර විරසකයක් ඇති වූයේ නීතිවිරෝධී ක්‍රියාව ‍පොලිස් දැලට හසුකර දීමේ හේතුවෙනි.


ඒ ඉකුත් 16දාය. සුපුරුදු රාජකාරියේ යෙදී සිටි සුනිල් මාතර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි කාර්යාලයෙන් නික්ම රාජකාරිය අවසන් කර නිවසට පැමි‚යේ සවස්වීය. සිය තාත්තා ගෙදර එනතෙක් ආදරයෙන් බලා සිටි දුලන යසින්ත (02) පුංචි පුතුන් මාතර උයන්වත්ත ආදර්ශ විද්‍යාලයේ පළමු ශේ‚යේ ඉගෙනුම ලබනා අසුරින්ද සුලක්ෂණ (06) ලොකු පුතාත් බිරිඳ වූ අප්සරා සමන්මලීත් (29) එක්ව කෙළිදෙලෙන් ගත කර රාත්‍රි ආහාරය ද ගත්තේ ඉතා සතුටිනි.
පසුගියදා පැවති ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයෙන් සමත්ව, සම්මුඛ පරීක්ෂණයටද ඉදිරිපත්වූ අප්සරාද ලොකු සතුටකින් පසුවූයේ හෙට අනිද්දා දිනෙක තමාට ලැඛෙනා ග්‍රාම නිලධාරී පත්වීම පිළිබඳ හීන මවමිනි.
නව රැකියාව ලද පසු දෙදෙනා එක්ව නිවසේ ඉතිරි වැඩ අවසන් කර ගැනීමට දෙදෙනා අතර ලොකු හීන තිඛෙන්නටද ඇත. එහෙත් එදින රාත්‍රිය මහා මූසල අන්ධකාර රාත්‍රියක්වේය, තම ජීවිතවල හීන බොඳ කරමින් අහිංසක දරු පැටවුන් දෙදෙනා මෙළොව තනිකර දෙදෙනාටම පසු දිනට පහන් වෙද්දී මොළොවින් සමුගන්නට සිදුවේද යන සිතුවිල්ල හීනෙකින්වත් හිතට නොනැගුණු සුනිල් හා අප්සරා එකට යා කළ ඇඳන් දෙකේ දරුවන් දෙදෙනාද තුරුළු කරගෙන නින්දට වැටුණේ සුනිල්ට පසුදා උදෑසනින්ම ‍පොලිසියේ රාජකාරියට යාමට සිදුව තිබූ බැවිනි.

ගතවූයේ සුළු කාලයකි. සුනිල්ගේ හා අප්සරාගේ මරුවා දත් විරිත්තවාගෙන ඒ වන විටත් බලාගෙන හිටියේ ඇසිල්ලකින් දෙදෙනා තම වසඟයට ගැනීමටය. වේලාව රාත්‍රි 9.30 - 10.00 අතර විය කඩු ‍පොලූ‍ අමෝරා ගත් මාරයා සුනිල්ලා නිදා සිටින කාමරයට කඩා පැනීමට වෙරදරද්දී එන ‍පොට හොඳ නැති බව වහා තේරුම් ගත් සුනිල් කාමරයේ තිබූ ලී කබඩ් එක තල්ලූ‍ කර දොරට හිරකර දොර විවෘතවීම නවතාලන්න උත්සාහ කළද ඉන් ඵලක්වූයේ නැත.
යක්ෂාවේස වූ ඝාතකයා දොර කඩාගෙන කාමරයට පැන සුනිල්ගේ හිසට හා ඇඟට ‍පොලූ‍ මුගුරු හා තියුණු ආයුධවලින් පහර දෙද්දී සුනිල් සිහිසුන් නොමැතිව ඇඳ පාමුල ඇද වැටුණු අතර සිදුවූ දේ හා ඝාතකයින් හඳුනාගත් නිසාදෝ අප්සරාටද ඇදෙන් නැගිට ගන්නට වත් ඉඩ නොතැබූ ඝාතකයින් පහරපිට පහරදී ඇයව ඇඳ මත නිහ~ කරද්දී පාපතරයින්ගේ ‍පොලූ‍ පහරක් වැදුණු අප්සරාගේ තුරු‍ලේ සිටි පුංචි පුතු දුලන වේදනාවෙන් හ~ා වැටෙන අතර එය තඹේකට ගණන් නොගත් ඝාතකයින් වහා එතැනින් නික්ම ගියේ තම අරමුණ ඉටු වූ බව තේරුම්ගත් නිසයි.

සුනිල්ගේ හා අප්සරාගේ තුරුල්‍ලේ දරුවන් දෙදෙනාම සිටිය ද දේව හාස්කමකට මෙන් ඇඳ ඇතිරිල්‍ලේ එතී බිත්තිය දෙසින් සිටි වැඩිහමල් පුතු සාහසිකයින් නොදුටු නිසා ඔහුට කිසිදු කරදරයක්වූයේ නැත. ‍පොලූ‍ පහරේ වේදනාවෙන් හ~මින් දඟලන මල්ලීගේ හ~ත් ඔහුගේ දෙකකුල් ඇෙඟ් වැදීමත් නිසා අවදි වූ අසුරින්ද සුලක්ෂණ ලොකු පුතා දරාගත නොහැකි වේදනාවකට පත්වූයේ තම පියාත් මවත් ‍ලේ ගලමින් වැටී සිටිනු දැකීමෙනි.

සුනිල්ගේ හා අප්සරාගේ ඡායාරූපවලටද සාහසිකයින් පහර දී බිඳ දැමීම නිසා වීදුරු කැබලි ද තැන තැන විසිර ගොස් තිබූ බැවින් දරුවා තව තවත් බියට පත්ව එළියට පැන ‘අනේ මාමේ තාත්තා වීදුරුවකට කැපිල වගේ ‍ලේ ගොඩක වැටී ඉන්නවා. අපි බේරගන්න අනේ අපි බේර ගන්න’ යනුවෙන් කෑ ගසන්නට විය.

අසුරින්ද සුලක්ෂණ පුතුගේ කෑ ගැසීමෙන් කලබලයට පත් ගම්වාසීන් එතැනට වහා දිව ඇවිත් සුනිල්, අප්සරා හා පුංචි පුතු ආඳාපාන මූලික රෝහලට රැගෙන ගියද එහිදී සුනිල් මියගිය අතර අප්සරා හා පුංචි පුතු කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන යාමෙන් පසු අප්සරා එහිදී මිය ගිය බවත් පුංචි දුලන අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සදහා පිටත් කර යැවීය.

ලද තොරතුරින් වහා ක්‍රියාමත්කව වූ කඹුරුපිටිය ‍පොලිසිය හා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ‍පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඝාතකයින් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කළහ. 17 දා උදෑසන සිද්ධිය වූ ස්ථානයට පැමි‚ වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ චරිත නානායක්කාර මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය ක්‍රියාත්මක කරද්දී අවට ගම්වැසි කාන්තාවක මෙසේ ප්‍රකාශ කළාය.

මේ ගෙදර දෙසින් ටකරමකට ගහනවා වගේ ශබ්දයක් ඇසුණා. මම ගෙදර ලයිට් එක දමා එළියට බැස බලන විට කවුද පුද්ගලයන් දෙදෙනෙක් කතා කරමින් ඉක්මනින් යනවා දුටුවා. ලයිට් එළිය පාරට වැටී නොතිබුණ නිසා ඒ අය හඳුනාගන්න බැරි වුණා. අපේ වත්ත පහළ ත්‍රිරෝද රථයක් නවතා තිබුණා. ඒ අය ගිය සැ‚න් ත්‍රිරෝද රථය පණගන්වා වේගයෙන් ගියා. ‍

පොලිස් පරීක්ෂණ අතර මාතර ‍පොලිසියේ ලීලී නම් නිල සුනඛයා ගෙනත් සිදු කළ ‍පොලිස් පරීක්ෂණයේදී ඉව ඔස්සේ ගිය සුනඛයා අසල නිවසක් වෙත ගොස් ඉව කර බැලු අතර එහි නිවැසියන් ඒ වන විටත් නිවස වසා ගොස් සිටියේය. ඝාතනය සම්බන්ධයෙන් ප්‍රදේශයේ නමගිය අපරාධකරුවකු කෙරෙහි ‍පොලිස් ඇස යොමුව ඇති අතර නිල සුනඛයා ගොස් ඇත්තේ ඔහුගේ නිවසටයි. මේ සම්බන්ධයෙන් අපි ‍පොලිස් කණ්ඩායම් හයක් යොදවා පරීක්ෂණ සිදු කරනවා. ඉක්මනින්ම අපිට අපරාධකරුවන් අල්ලා ගන්න හැකිවේවි. උසස් ‍පොලිස් නිලධාරියෙක් කීවේය.

සුනිල්ගේ මව වූ එච්.ඒ.ආදරහාමි මාතාව (68) මගේ පුතාට යෝධබල යෝධ වීරිය ලැඛෙන්න ඕන. පුතා කවදාවත් වැරදි වැඩ කළේ නෑ. ඉස්කෝ‍ලේ යන කා‍ලේ සෑම විභාගයෙන්ම පාස් වුණා. විද්‍යාපීඨ යන්න ලකුණු මදිවෙලා තමයි ‍පොලිසියට ගියේ. සමාජය වෙනුවෙන් තමයි එයා වැඩ කළේ. ඔය සිද්ධිය වෙච්ච දවසෙත් ගෙදර එනවිට අයියට මාළුත් ගෙනත් දීලා තමයි මගේ රත්තරන් පුතා ඇවිත් තියෙන්නේ. සුනිල්ගේ මාමා වූ කේ.සිරිසේන මහතා අපේ පුතා කවදාවත් කාටවත් හිරිහැරයක් කරදරයක් කර නෑ. හොඳ වැඩම තමා කළේ. හොඳට ඉගෙන ගත් කෙනෙක් වැරදි වැඩ කරන අය ළඟට එකතු වෙන්නේ නෑ. ඉතිං අපේ පුතාට වුණේ ඒකයි. එයා වැරදි වැඩට එකතු නොවී හොඳ වැඩ අකුරටම ඉටු කළා. කොහේ කුඩු ඇල්ලූ‍වත් මෙහේ අයට අපේ පුතා ඉලක්ක වෙනවා. එයා ඔත්තු දුන්නා කියනවා. ඒකයි සැකයට මේ අපරාධය කළේ. නැතිව ඇත්තටම වැරදි කරලා නොවෙයි. අපි ජනාධිපතිතුමා ඇතුළු සැමගෙන් මේකට සාධාරණයක් බලා‍පොරොත්තු වෙනවා.

සුනිල්ගේ සහ අප්සරාගේ ඝාතන සම්බන්ධ වැඩිදුර සාක්ෂි විභාග කිරීම නොවැම්බර් මස 26 දිනට කල් තබා ඇත. මිය ගිය කොස්තාපල්වරයාගේ බිරිඳගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය රෝහ‍ලේදී පැවැත්වීමට නියමිතව තිබි‚. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ මිය ගිය දෙදෙනාගේ බාල පුතා වන අවුරුදු 02ක් වයසැති දුලංක යසත් දරුවා මේ වන විටත් කරාපිටිය රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ වන විටත් මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු පිළිබඳව තොරතුරු පරීක්ෂණ පවත්වන ‍පොලිස් නිලධාරීන්ට හෙළි වී ඇතැයි වාර්තා වෙයි. තවද ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇති බවද හෙළි වී ඇත.

දකුණු පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති චන්දන වික්‍රමරත්න මාතර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත මේ වන විටත් ‍පොලිස් කණ්ඩායම් හයක් මාතර සහකාර ‍පොලිස් අධිකාරි ආර්.අඹේපිටිය මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ පවත්වමින් සිටී.
 
Top