අද අයවැය කතාවේ සාරාංශ විස්තරය පහත පරිදිය.
රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම්
රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනවා ලබන ජනවාරි මාසයේ සිට රුපියල් 1200කින් ඉහළ දමන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.
ගොවි විශ්‍රාම වැටුප 2014 සිට වෙනසකින්
ගොවි විශ්‍රාම වැටුප 2014 ජනවාරි සිට ක්‍රියාත්මක කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව රුපියල් 1250ක අවමයක් ලැඛෙන පරිදි අවුරුදු 63ට වැඩි ගොවීන් සඳහා විශ්‍රාම වැටුප හිමිවන බව ජනාධිපතිවරයා පැවසීය.
සනීපාරක්ෂාව
පානීය ජලය ලබා ගත නොහැකි අයට ජලය පිරිසිදු කිරීම සඳහා රුපියල් මිලියන 900ක ප්‍රතිපාදන දෙන බවත් සෞඛ්‍ය සේවකයින්, හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවකයින්ගේ වාර්ෂික නිල ඇදුම් සඳහා ප්‍රතිපාදන
තාවකාලික පදිංචිකරුවන්ට නිවාස සංකීර්ණ 15ක්
කොළඹ සේවය කරන පිට පළාත් පොලිස් නිලධාරීන් වෙනුවෙන් මාකොළ ප්‍රදේශයේ නිවාස සංකීර්ණ 3ක් ඉදි කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.
කොටස් වෙළඳපොළේ අර්ධ බදු සහන
කොටස් වෙළඳපොළේ ලැයිස්තු ගත සමාගම් සඳහා 2014 වසරේ සිට වසර 3ක කාලයක් අර්ධ බදු සහන ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
2014 ලෝක තරුණ සම්මේලනය
2014 ලෝක තරුණ සම්මේලනය හම්බන්තොට පැවැත්වීමට යෝජනා කරන බව ද හෙතෙම සඳහන් කරයි. එමගින් මෙරට තරුණයින්ගේ හැකියාවන්වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති කියයි.
ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් කොළඹට
උසාවි කටයුතු සඳහා තාක්ෂණික පහසුකම්යොදා ගත යුතු බවත් ඒ අනූව නීති අධිකරණ ක්ෂේත්රය පුළුල් කිරීමට වසර 5ක වැඩසටහනක්ක්රියාත්මක කිරීමට යෝජනා කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් කොළඹ පිහිටුවීමට ද එමගින් යෝජනා කරන බව හෙතෙම කියයි.
පෞද්ගලික විනිසුරුවන්ගේ වැටුප සියයට 8 කින් වැඩි කිරීමට යෝජනා කරන බවද ඔහු පවසයි.
කොළඹට තට්ටු නිවාස 5000ක්
කොළඹ තට්ටු නිවාස 5000ක් ඉදිකර කොළඹජීවත්වන තාවකාලික පදිංචිකරුවන් එහි පදිංචි කිරීමට මූලිකත්වය දෙන බවද හෙතෙම කියයි.
එයාර් පොර්ට් හදනවා
මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙකේම පහසුකම් මේවන විට වැඩිකරමින් පවතින බවද ජනාධිපතිවරයා පවසයි.
උසස් අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණය
සෑම පිරිවෙනකටම ලක්ෂ 5ක ප්‍රතිපාදන දෙන බවත් තොරතුරු තාක්ෂණය සඳහා රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන දෙන බවත් සරසවි ආචාර්යවරුන්ගේ අධ්‍යාපන දීමනාව මූලික වැටුපෙන් 5%කින් ඉහළට යවන බවත් පැවසුවා
තොරතුරු තාක්ෂණයට තව ඉඩක්
මෙරට තොරතුරු තාක්ෂණ දැනුම් ඉහළනංවමින් හම්බන්තොට තොරතුරු කලාපයක් පිහිටුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නැණසල මධ්‍යස්ථාන ව්‍යාප්ත කරමින්අන්තර්ජාල පහසුකම් වෙනුවෙන් රුපියල් බිලියන 1000ක් වෙන්කරන බවද හෙතෙම කියයි.
සරසවි සිසුන්ගේ නේවාසිගාර ප්‍රශ්න විසඳනවා
විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසිකගාර ප්‍රශ්න විසඳීම සඳහා රුපියල් බිලියන 15,000ක මුදලක් වැය කරමින් නව නේවාසිකාගාර ඉදිකිරීම් කටයුතු මේවන විට සිදුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එමගින් පළමු හා දෙවන වසර සිසුන්ගේනේවාසිකාගාර ප්‍රශ්න අවම වන බව හෙතෙම කියයි.
කාන්තාවන්ට පොලී නැතිව ණය
කාන්තා ව්‍යවසායිකාවන් සඳහා රුපියල් 250,000 දක්වා ණයලබාදීමට යෝජනා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වයස අවුරුදු 68 දක්වා කාන්තාවන්ට එමඅවස්ථාව හිමිවන අතර එයට පොලී නොමැති බවදකියයි.
කලාකරුවන්ට නිවාඩු නිකේතන 5ක්
කලාකරුවන්ට නිදහසේ කටයුතු කරගෙන යාමටහැකි පරිදි නිවාඩු නිකේතන 5ක් ඉදි කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ සඳහා අවශ්‍ය ඉඩ කඩම් වෙන්කරනබවද හෙතෙම කියයි.
ලී භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර අහෝසියි
ලී භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර ක්‍රමයඅහෝසි කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සෞඛ්‍ය සහන
පිළිකා රෝගීන්ගේ අවුරුදු 3 පෝළිම මාස6ට අඩු කරනවා
පිළිකා රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීමසඳහා මහරගම පිළිකා රෝහලේ වසර 3ක් පොළීමේ සිටිය යුතු නමුත් එම කාලසීමාව මාස 6 දක්වා අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ ඇතුළුව ප්‍රධාන පෙළේ රෝහල්කිහිපයක් සංවර්ධනය කිරීම තුළින් එම තදබදය අඩු කිරීමට යෝජනා කරන බව හෙතෙම කියයි.
ගැබිණි හා කිරිදෙන මවුවරුන්ගේ පෝෂණතත්ත්වය වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දේශීය කිරි හා බිත්තර භාවිතය ප්‍රචලිතකිරීමට දිවි නැඟුම හා සමෘද්ධිය වැඩ සටහන් යොදා ගත යුතු බව හෙතෙම කියයි.
සමබර ආහාර ප්‍රචලිත කිරීමේ වැඩසටහන්ක්රියාත්මක කළ යුතු බවද හෙතෙම පෙන්වාදෙයි.
කිරි ගවයින් 20,000ක් රටින් ගෙන්වනවා
කිරි ගවයින් 20,000ක් ගෙන්වීමට තමායෝජනා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දේශීය කිරි නිෂ්පාදනය වැඩි දියුණුකිරීම සඳහා මෙම පියවර ගන්නා බව හෙතෙම කියයි.
පශු වෛද්‍යවරුන් සඳහා රුපියල් 7500ක දීමනාවක් ලබාදීමට ද ජනාධිපතිවරයා යෝජනා කරයි.
මාසයට 1250 ගාණේ අවුරුදු 63ට වැඩි ගොවීන් සඳහා විශ්‍රාම වැටුපක් යෝජනා කරන බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ සඳහා රුපියල් මිලියන 1000ක ප්‍රාග්ධන අරමුදලක් අරඹන බවද හෙතෙම කියයි.
කුඩා තේ වතු ආර්ථිකය ගොඩ නැංවීමට වසරක වරක් අක්කරයකට රුපියල් 5000ක සහනාධාරයක් ලබාදෙන බව ඔහු පවසයි.
පොල් කර්මාන්තය ශක්තිමත් කරනවා
පොල් කර්මාන්තය ශක්තිමත් කරමින් පොල් තෙල් ආනයනය සීමා කරන බවද හෙතෙම කියයි.
තේ රබර් පොල් කුරුඳු ගම්මිරිස් අපනයනය ශක්තිමත් කරන බවද වැවිලි කර්මාන්තය දියුණු කරන බවද ඔහු පවසයි.
පානීය ජල ව්‍යාපෘති
උතුරේ හා දකුණේ පානීය ජල ව්‍යාපෘති විදුලි ව්‍යාපෘති නිම කිරීමට රුපියල් මිලියන 1400ක් වෙන් කරනබවද හෙතෙම කියයි.
දැනට 350 සපයන සියලු පොහොර යල හා මහ කන්නයේ වී වගාව සඳහා අඛණ්ඩව ලබාදෙන බවද ඔහු පවසයි.
රජයේ ණය සියයට 65න් අඩු කරනවා
ටෙලිකෝම්, රක්ෂණ සමාගම, පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව රජයට පවරාගෙන මේවන විට එම ආයතන ලාබ ලබන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ලක්ෂයක් පමණ උපාධිධාරීන් රජයේ සේවයට බඳවාගෙන ඇති බවද හෙතෙම කියයි.
2016 දී සියයට 3.8කින් අය වැය හිඟය අඩු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පවසයි.
එසේම සියයට65කින් රාජ්‍ය ණය ප්‍රමාණය අඩුකරන බවද හෙතෙම කියයි.
රජයේ ව්‍යාපාර 54න් 47ක් ලාබ ලබනවා
ලංගම බස් රථසංඛ්යාව 2000කින් වැඩි කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඛනිජ තෙල්සංස්ථාවේ පැරණි නල පද්ධතිය අලුත් වැඩියා කිරීමට පියවර ගෙන ඇති බවද හෙතෙම කියයි.රාජ්‍ය ව්‍යපාර54න් 47ක් මේවන විට ලාබ ලබමින් පවතින බවද සඳහන් කරයි.විදේශිකයින්ටඉඩම් සින්නක්කරය විකි”ම නතර කරන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය ව්යාපාරකිසිවක් පෞද්ගලීකරණය නොකරන බවද හෙතෙම කියයි.
සංචාරක ව්යාපාරයෙන්ඩො.බි. 1500ක ආදායමක් අපේක්ෂා කරනවා
සංචාරක ව්යාපාරයෙන්ඩොලර් බිලියන 1500ක ආදායමක් අපේක්ෂා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිමෙන්ති,වානේ, බෝට්ටු හා නැව් ඉදිකිරීම සඳහා වන කර්මාන්තවල ආයෝජනය දිරිගන්වා ඇති බවද හෙතෙම පැවසීය.
2020 වසර වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 20 දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීවේය.
Home
»
»Unlabelled
» අයවැය කතාවේ සාරාංශය