චාල්ස් කුමරු දිවයිනට ගොඩ බැස්ස හැටි [Video] | Gossip lanka news Sinhala News Sinhala Cinema News

අද සවස 4.30 ට පමණ බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරු, කැමිලා පාකර් හා විශේෂ ධූත පිරිස කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස්සා.
ඔහු පිළිගැනීම සඳහා සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි හා ඒ.එච්.එම්.ෆවුසි ඇතුළු ඇමතිවරු පිරිසක් ගුවන්තොටුපළට ගොස් තිබුණා.
මෙරටට ගොඩ බැස්ස චාල්ස් කුමරු

අද සිට දින තුනක් නවාතැන්ගනු ඇත්තේ කොළඹ රොස්මිඩ් පෙදෙසේ පැරණි සිරිමා බන්ඩාරනායක නිවසේය.
මෙම රාජකීයයන් දෙදෙනාම පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහ රාත්‍රි භෝජන සංග්‍රහයට එක්වන අතර රාජ්‍ය නායකයන් සමග හමුවීම් කිහිපයක්ද සිදු කරනු ඇත.
ශ්‍රී ලංකාවේ ගත කරන දින තුනක කාලය තුළදී මෙරට ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතය. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කිරීමේ වැඩසටහන්ද ඒ අතර වේ. සාහිත්‍ය, අධ්‍යාපන, සංස්කෘතික, මානසික සෞඛ්‍ය, කාන්තා රැකවරණය හා සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහාද ඔවුහු දෙපළ සහභාගි වෙති.
කොළඹ ජාතික කෞතුකාගාරය සහ කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලයටද අනතුරුව නුවරඑළිය සහ මහනුවර සංචාරයකටද එක්වේ.
කැමිලා කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට, කොළඹ මහජන පුස්තකාලයට සංචාරය කිරීමට නියමිතය.
චාල්ස් කුමරු මින් පෙර දෙවරක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර කැමිලාගේ පළමු ශ්‍රී ලංකා සංචාරය වේ.


චාල්ස් කුමරු පැමිණි අවස්ථාවේ වීඩියෝව පහතින්





 
Top