එසේ කරන්නට බැරිනම් නොකියන බවද උන්වහන්සේ කියති. උන්වහන්සේ මෙසේ කීවේ, මීට මසකට පෙර තමිල්නාඩු චිත්‍රපට ගෙන්වීමට විරුද්ධව චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතාට භාරදුන් ලිපියට පිළිතුරක් නොලැබීම හේතුවෙන්
පෙරේදා (7දා) රාවණා බලය සංවිධානය චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා හදිස්සියේ හමුවූ අවස්ථාවේදීය.
රාජ්‍ය ආයතනයක් වශයෙන් ලිපියකට පිළිතුරු ලිපියක් එවීමට නොහැකි නම් ලංකාවේ ආශ්චර්ය පිළිබඳ ගැටලුවක් පැනනඟින බවත්, සංස්ථාවේ සභාපති, නළු නිළියන් එකතු වී රටට වෙනම චිත්‍රපටයක් පෙන්වීමට උත්සාහ දරන බවත් ඒ හිමියෝ පැවැසූහ.
ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ පුරවැසියන්ට තමිල්නාඩුවට යන්න එපා කියන විටදී තමිල්නාඩු චිත්‍රපට ලංකාවට ගෙන්වමින් කෝටි ගණන් සල්ලි ඉන්දියාවට පූජා කිරීම විහිළුවක් බවද ඒ හිමියෝ පෙන්වා දෙති.
තමිල්නාඩුවෙන් නව පනතක් සම්මත කර 'කච්චතිව්' දූපත තමිල්නාඩුවට අෑදා ගැනීමට උත්සාහ කරන මොහොතක අපිත් ඔවුන් වර්ජනය කළ යුතුව තිබියදී එසේ නොකිරීමෙන් ලංකාවට විශාල විනාශයක් අත්වන බවද සද්ධාතිස්ස හිමියෝ පැවැසූහ.
රාජ්‍ය ආයතනවලින් අහිංසක ජනතාවට අවශ්‍ය කාර්ය ඉෂ්ට වන්නේ නැත්නම් ඒ පිළිබඳ තම සංවිධානයට දැනුම් දෙන ලෙසත් තම සංවිධානය ඊට මැදිහත්වෙමින් අවශ්‍ය කාර්ය කර දෙන බවත් උන්වහන්සේ පැවැසූහ.
පසුගිය මැයි පළමු වැනිදා වාසුදේව නානායක්කාර මහතා කොළඹදී මුළු ලෝකයට ඇසෙන විදියට, හමුදාව උතුරු පළාතේ ගැවසෙනවා වැඩි යැයි ප්‍රකාශ කළ අතරම ආණ්ඩුවෙන් යැපෙන ගමන් මෙවැනි ප්‍රකාශ කිරීම කෙතරම් සාධාරණ දැයි විමසූ ඒ හිමියෝ, හමුදාව උතුරේ නැතිව වාසුදේව මහතාගේ ගෙදර ඉන්න කියනවාදැයි ප්‍රශ්න කළහ.
චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතා පැවැසුවේ අදාළ ලිපිය සම්බන්ධයෙන් මේ වන විටත් තමන් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. මේ පිළිබඳ තම පෞද්ගලික මතය වන්නේද එම නළුවන්ගේ චිත්‍රපට ලංකාවේ ප්‍රදර්ශනය නොකළ යුතුය යන්න බවත්, එහෙත් තම පෞද්ගලික මතය මෙහිදී ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ඒ මහතා පැවැසීය.
යම් ඉල්ලීමක් කළහොත් ඒ පිළිබඳ අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට තීරණයකට එළැඹෙන බවත්, රේඛීය අවසරය ඇතිව චිත්‍රපට පෙන්වීම් කළද, තමන් පෞද්ගලිකව මේ චිත්‍රපටවලට විරුද්ධ බවත් කීවේය. මේ සාකච්ඡාවේදී සභාපතිවරයාගෙන් ලිඛිතව ප්‍රකාශයක් ඉල්ලූ රාවණා බළකාය සංවිධානය, පැය 1/2කට ආසන්න කාලයක් රැඳී සිටියේ ලිඛිත ප්‍රකාශයක් ලැබෙනතුරු තමන් සංස්ථාවෙන් පිටතට නොයන බව පවසමිනි. ලිපිය ලැබුණු පසු හිමිවරු ආපසු ගියහ. මේ අවස්ථාවේ විශාල පොලිස් බළඇණියක් චිත්‍රපට සංස්ථාව වටා රැකවලෙහි යොදා තිබිණි.