අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි සුසිලා ජයතිලක යන අයට මේ දඩ මුදල නියම කර ඇත. මෙයට අමතරව අධිකරණ ගාස්තු වශයෙන් ඩිනාර් 10ක් ගෙවීමටද ඇයට නියම කොට ඇත. ඇය 2011 වසරේදී බහරේන්හි ගෘහ සේවයට පැමිණ තිබේ.
ඇය සේවය කළ නිවෙසේ හිමිකරු විසින් මාස 10ක් පුරා විවිධ වධහිංසාවලට ලක්කිරීම නිසා පසුගිය වසරේදී ඇය එම නිවෙසෙන් පලාගොස් ඇතැයි ගල්ෆ් පුවත් සේවය වාර්තා කරයි.
නිවෙස්හිමියා විසින් ඇයට පහරදීමට එරෙහිව සංක්‍රමණ ශ්‍රමික ආරක්‍ෂණ සමාජයේ ආධාරය මත එරට අධිකරණයේ ගොනුකර තිබූ නඩුවක් වසරකට අධික කාලයක් විභාග වීමෙන් අනතුරුව තීන්දුව ලබාදී තිබේ.
සේවය කළ නිවෙසින් පලායෑමෙන් සේවා ගිවිසුම් කඩකළේ යැයි චෝදනා කරමින් එරට අධිකරණය විසින් ඇයට බහරේන් ඩිනාර් 950ක් සහ අධිකරණ ගාස්තු ලෙස ඩිනාර් 10ක් ගෙවන ලෙස නියම කර තිබේ.
ගල්ෆ් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ එරට අධිකරණය විසින් ලබාදී තිබෙන මේ තීන්දුව පිළිබඳව විවේචන එල්ල කරන සංක්‍රමණ ශ්‍රමික ආරක්‍ෂණ සමාජයේ සභාපතිනි මරීටා ඩයස් මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටින්නේ කාන්තා ගිවිසුම් කඩකරමින් තීන්දු ලබාදී ඇති මේ නඩුවේදී පහරකෑ සේවිකාවකට අදාළ නිවෙසේ හිමිකරුට දඩ මුදල් ගෙවීමට සිදුවීම ඉතා අසාධාරණ බවයි.