මෙම නඩුව කැඳවන අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටින බව ප්‍රකාශ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඊයේ (08දා) අවස්ථා 2කදී අධිකරණය තුළට පැමිණියද, පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා පැමිණ නඩුව කැඳවන අවස්ථාව වන විට
ඇය අධිකරණය තුළ දක්නට නොවීය.
ඒ පිළිබඳ "මව්බිම" ඊයේ (08දා) පස්වරුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කෙළේ නඩුව කැඳවන අවස්ථාවේදී අධිකරණය හමුවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියද නීති විද්‍යාලයේ විභාගය නිසා අධිකරණයට පැමිණීමට තමන්ට නොහැකි වූ බවයි. තමාට "කූඩැල්ලා" යැයි චෝදනා කළ විත්තිකාර දුමින්ද සිල්වා මහතාට පිළිතුරු ලබාදීමට සූදානමින් සිටින බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය වැඩිදුරටත් පැවැසුවාය. මෙම නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුවන් 10 දෙනාටම ජූලි 02 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කෙළේය.