ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් | Gossip lanka news Sinhala News Sinhala Cinema News


ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා ආහාරයට ගත් බෙල්ලන් බවට සැලකෙන බෙල්ලන් විශේෂයක ශේෂවූ කොටස්‌ බලන්ගොඩ කූරගල ප්‍රදේශයෙන් හමුවී ඇත.

පසුගිය 27 දා (2013-04-27) දින ආරම්භකරන ලද කූරගල ප්‍රදේශයේ කැනීම්වලදී බෙල්ලන් විශේෂ වර්ග දෙකක්‌ හමුවී ඇති අතර මීට අමතරව විනිවිද පෙනෙන ගල් ආයුධ සහ සත්ව ඇටසැකිලි කොටස්‌ ද හමුවී තිබේ.

කාලනිර්ණ පරීක්‍ෂණ කර නැතත් මධ්‍ය ශිලා යුගයට අයත් ඒවා වශයෙන් පෙනෙන හෙයින් මේවා වසර 12000 කට වඩා පැරණි ඒවා වියහැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරතැයි කූරගල දිවාගුහා රජමහා විහාරාධිපති ශාස්‌ත්‍රපති රාජකීය පණ්‌ඩිත සබරගමුව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වටද්දර Æණිස්‌සර නාහිමියෝ සඳහන් කරති. මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන බවද නාහිමියෝ සඳහන් කරති.

කැණීම් ආරම්භකිරීමේ අවස්‌ථාවලට ශ්‍රී ලංකා යුධ හමුදාවේ සබරගමුව බල සේනාධිපති බ්‍රිගේඩියර් අයි. පතිරත්න මහතා ඇතුළු කැනීම් අංශ භාර නිලධාරීහුද සහභාගි වූහ.
 
Top