මවුපියන් බැන වැදි පහර දෙන හෙයින් නිවසේ ඉදීමට අපහසු යෑයි පවසමින් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සිය 19 හැවිරිදි පෙම්වතාගේ නිවසට ගොස් ඇතැයිද දෙදෙනාම දින දෙකක් කළුතර කැලිඩෝ මුහුදු වෙරළේ ස්‌ථාන කීපයක රැඳී සිට පසුව කළුතර උතුර පොලිසියට ගොස් භාර වීමේ සිද්ධියක් කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී අසන්නට ලැබිණි.
අළුත්ගම ප්‍රදේශයේ කාන්තා පාසලක ඉගෙනුම ලැබූ මෙම ශිෂ්‍යාව සිය පෙම්වතා සමග වසර දෙකක පමණ කාලයක සිට සම්බන්ධතාවක් පවත්වා ඇතැයි පොලිසියට පැමිණි මෙම දෙදෙනා ප්‍රකාශ කර ඇති අතර දෙදෙනාම වැඩිදුර පරීක්‌ෂණ සඳහා කළුතර උතුර පොලිසිය විසින් අළුත්ගම පොලිsසියට භාරදී තිබුණි. මෙම සිද්ධිය පිළිබඳව අළුත්ගම පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‌ෂක කාවින්ද පියසේකර මහතාගේ උපදෙස් පිට පරීක්‌ෂණ පැවැත්වූ කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‌ෂක පතිරණ සැරයන් වරුන් වන (14504) රාජකරුණ (5871) විමලරත්න කොස්‌තාපල් (31725) අතුල යන මහත්ම මහත්මීහු දැරිය වෛද්‍ය පරීක්‌ෂණයන් සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
මවුපියභාරකාරත්වයේ සිටි පාසල් ශිෂ්‍යාව පැහැරගෙන යැම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අළුත්ගම කළුවාමෝදර වඩුමුල්ල පදිංචි පෙම්වතා රුපියල් 25,000 ක ශරීර ඇපමත මුදා හරින ලෙස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා නියෝග කළේය.
Home
»
»Unlabelled
» නිවසින් ආ පාසල් සිසුවිය පෙම්වතා සමග වෙරළේ