16 හැවිරිදි සිසුවිය ගෙල වැලලා දිවිනසාගෙන | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මහනුවර නගර මධ්‍යයේ කටුකැලේ ප්‍රදේශයේ සිය ඥාති නිවෙසක පදිංචිව සිටි බව සඳහන් වන දහසය හැවිරිදි පාසල් සිසුවියක් ගෙල වැලලා ගෙන සියදිවි හානි කරගෙන තිබේ.

මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ මහනුවර විවේකානන්ද ද්‍රවිඩ විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටි කේ. තිලොත්තමා නම් වූ සිසුවියකි. මහනුවර කටුකැලේ ප්‍රදේශයේ ඥාති නිවෙසක නැවැතී පාසල් ගිය බව සඳහන් වන ඇයගේ මවුපියන් වවුනියාව ප්‍රදේශයේ පදිංචිව සිටින බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.

මියගිය සිසුවිය අධ්‍යාපනය හැදෑරූ පාසලේ ගුරුවරියක් සඳහන් කෙළේ සිසුවිය පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්ව පාසලෙන් ඉහළම සාමාර්ථය ලබාගත් සිසුවිය බවයි. මේ සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.
 
Top