ගල්පාත පාතකඩ පොල්බිඳිනා කන්දේ වතු නිවාසයක පදිංචි පලනි සුබ්‍රමනියම් නමැති සිව් දරු පියකු ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන ඇත. ඔහු සියදිවි හානිකර ගත්තේ බිරිඳ රට රැකියාවකට ගොස් කාලසීමාව අවසන් වීමෙන්, පසුව බිරිඳව ආපසු ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකිව බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
ඔහුගේ බිරිඳ වසර දෙකකට සෞදියේ රැකියාවකට ගියේ 2009.08.30 දිනය දැනට වසර තුනයි මාස 04 ක් ගතවී ඇත. ගාන්ධිමදී සිව්දරු මවකි.
පුද්ගලික ඒජන්සියකින් ගාන්ධිමදී සෞදියේ රියාද්වල රැකියාවකට ගියා. ඒජන්සියෙන් ඇය පිළිබඳව විමසුවාම ඔවුන් පවසන්නේ බයවෙන්න දෙයක් නැහැ. ඇය හොඳින් ඉන්නවා කියායි. මාස දෙකෙන් දෙකට ඇය ගෙදරට කතා කරනවා. ඒ හැම අවස්ථාවකම දන්වා සිටින්නේ මාව කොහොම හරි ලංකාවට ගෙන්වාගන්න කියලයි. ඇයව ගෙදරක හිරකරගෙන ඉන්නේ. ඒජන්සියෙන් කියන්නේ අපි හොයල බලනව. එයාව එවන්නේ නැත්නම් මොකද කරන්නේ කියලයි.
"පලනි සුබ්‍රමනියම්" නමැති ඇගේ ස්වාමිපුරුෂයා ඉවසගන්න බැරුව සියදිවි හානිකර ගත්තේ ඇය ලංකාවට ගෙන්වා ගන්න බැරි නිසාය. ඇගේ වැඩිමහල් දරුවා වන නදීෂා කුමාරි (15) මෙසේ කීවාය. අපේ අම්මාව ආපසු මේ රටට ගෙන්වා දෙන්න. අපේ එකම ඉල්ලීම ඒකයි. පත්තරේ මහත්තයාවත් අපට උදව්වක් කරන්න යනුවෙන් "දිවයින"ට ඇය එසේ කීවාය. අනිත් දරුවන් වන නදීප් කුමාර (13) අජිත් කුමාර (11) දිල්රුක්ෂි (09) යන දරුවන්ද අපේ අම්මාව මේ රටට ගෙන්වා දෙන්න කියා පැවැසීය. තාත්තා සියදිවි නසා ගත්තේ අම්මා නිසයි.
මේ ළමයි සිව්දෙනා පළමුවෙන් ඉගෙනුම ලැබුවේ පාතකඩ කනිටු විදුහලේය. අම්මා රට යැමෙන් අනතුරුව තාත්තා විසින් ඔහුගේ ඥති නිවසක නවත්වා, දෙහිවල බුද්ධඝෝෂ විදුහලේ අධ්‍යාපනය හැදැරීමට යෙදවීය. පසුව අවුරුද්දකට පසුව පාතකඩ කනිටු විදුහලට නැවතත් ඇතුළු කර අධ්‍යාපනය ලැබීය. දැන් ඒකත් නැහැ. මේ සැමට ඇය විසින් පළමු මාස හයක වැටුප් මුදල් වන රුපියල් 120000 (එක්ලක්ෂ විසිදාහක්) එවල තියෙනවා. ළමයින්ට ඉගෙනුමත් දැන් නැහැ.
ළමයි 4 දෙනාම ජීවත් කරන්නේ ආච්චියි සීයයි දෙන්නා. ඔවුන්ට ලැබෙන අර්ථ සාධක අරමුදලින් තමයි ජීවත් වන්නේ. ඒකත් අවසන් වූ විට ජීවත් කරවන්න විදියක් නැහැයි අච්චී සීයා පවසා සිටිති. එම ළමයින්ගේ (මව වන) රට ගිය අම්මාගේ පියා වන එම්. සිවලිංගම් (සීයා) සමග ආච්චී දරුවන් සිව්දෙනා, රැකබලාගෙන අම්මා එනතුරු මගබලා සිටින බැව් "දිවයින"ට කියා සිටියහ.
Home
»
»Unlabelled
» අනේ අපේ අම්මාව ගෙනල්ලා දෙන්න