ෆේස්බුක් මහ හිසරදයක් රුවන්ගි රත්නායක | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමාට ෆේස්බුක් ගිණුමක් නොමැති බවත් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය මේවන විට සමාජයට හිසරදයක් වී ඇති බවත් ජනප්‍රිය නිලි රුවන්ගි රත්නායක පුවත්පත් සාකච්චාවකට එක්වෙමින් පවසා ඇත.

ඇය මේ දිනවල ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ ජාතික රූපවාහිනියේ විකාශය වන කොළඹ අහස ටලී නාට්‍යයේ පියුමි නම් චරිතය මගිනි.
ෆේස්බුක් සම්බන්ධව රුවන්ගි පලකොට තිබුනේ මෙවන් මතයකි


මගේ නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම් පහක් හයක් තියෙනවා..ඒවායේ මගේ විස්තර , පින්තුර ගොඩක් තියෙනවා..නමුත් මේ එකක්වත් මම පවත්වාගෙන යන ඒවා නෙවෙයි..ඒ හැම එකම ව්‍යාජ ඒවා..කොටින්ම මට ෆේස්බුක් ගිණුමක් නැහැ.

ඒවා ජිවිතයට අත්‍යවශ්‍ය දේවල් නොවෙයි කියලයි මමනම් හිතන්නේ..අලුත් ඇඳුමක් ඇන්දත් , කෑමක් කෑවත් ඒක ෆෙස්බුක් එකට දානවා..මේක දැන් සමාජයටම හිසරදයක් වෙලා තියෙන්නේ..මම කැමති නිස්කලංකව බොහොම නිදහසේ කටයුතු කරගෙන ඉන්න..
 
Top