ජනිත් වික්‍රමගේ දේශපාලනයට ? | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ජනප්‍රිය නලු ජනිත් වික්‍රමගේ දේශපාලනයට පිවිසිමට සූදානමක් ඇතිබව පැවසේ.ඉදිරි සති කිහිපය තුල ප්‍රසිද්ධ ප්‍රසංගයක් තුලදී එය ප්‍රසිද්ධ කොට ප්‍රසිද්දියේ පක්ෂ සමාජිකත්වය ලබාගෙන තම දේශපාලන දිවිය ඇරබීමට සූදානම් බව වාර්තාවේ. කෙසේ වෙතත් ජනිත් සම්බන්ධවීමට නියමිත පක්ෂය පිලිබදව නිසි තොරතුරක් නැති අතර එහෙත් තම දේශපාලනමය සැරසීම ගැන තමාට ළගින් උදව් කරන කිහිප දෙනෙකුට පවසා ඇති අතර ඒ අය ඉදිරි වැඩවලදී යම් යම් පැතිවලින් ජනිත්ට උදව් කිරීමට බලාපොරොත්තුවෙන බව පවසා තිබේ. 

පක්ෂයක ඉහල තනතුරක් දරන පුද්ගලයෙකුගේ මගපෙන්වීම යටතේ ජනිත් දේශපාලනයට අවතීරනය වන අතර ඔහු ගේ මේ බලාපොරොත්තුව කලක සිටන් පැවැති එකක් බවටයි හෙළිවන්නේ. එම නිසා ඔහු යම් යම් සමාජසේවා සත්කාර එනම්
ලේ දන්දීම්, අසරණ සරණ වැඩමුලු වලට සහභාගී වීම් වැනි දේවල් පවත්වා ඒවාට නිසි ප්‍රචාරනයන්ද මාධ්‍යයෙන් ලබාගෙන තිබේ. 

ඒ සියලු දේවල් ඔහුගේ අරමුණට ගමන්කිරීම සදහා පැවැත්වූ ඒවා බවට හෙළිවේ.කෙසේවෙතත් ජනිත් ගේ ආසම පාට නිල් බවද එම නිසා ඔහු ජනයා වැඩිය එක් ‍රැස්වන ස්ථාන වලදී එම වර්ණයෙන් සැරසෙන බවද ඔහු මිතුරන්ට විහිලුවට මෙන් පවසන කරුණකි.එය සැබෑවක් වීමට ඉඩ ඇති බව අපි විශ්වාස කරන්නෙමු. ජනිත්ගේ දේශපාලනමය දිවිය ගැන නිල වශයෙන් ඉදිරි සති කිහිපය තුල විශාල ප්‍රසිද්දියක් යටතේ දැනුම් දීමට සියල්ල සූදානම් බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි. 




 
 
Top